32 C
Colombo
Friday, March 29, 2024

මහමඟදී පුද්ගලයෙකුට පහරදුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සුබසාධන කොට්ඨාශයට මාරු කෙරේ

- Advertisement -

පුද්ගලයකුට පහරදුන් බවට චෝදනා එල්ල වී සිටින සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දී තිබෙනවා.

ඒ අනුව පරීක්ෂණයකට යටත්ව රන්මල් කොඩිතුවක්කු මහතාව පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ වෛද්‍ය සැපයුම් හා සුබසාධන කොට්ඨාසයට මාරුකිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් මත පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා.

මේ අතර සබරගමුව පළාතේ වැඩ ආවරණය කිරීමට කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කේ. පී. එම්. ගුණරත්න මහතා පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

රන්මල් කොඩිතුවක්කු මහතා මීට පෙර 2015 වසරේදී පාර්ලිමේන්තුව අසල රාජකාරියේ නිරතව සිටි මාධ්‍යවේදියෙකුටද පහරදීමේ සිදුවීමක් වාර්තා වුණා.


RECENT ARTICLES - SINHALA

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...