28.9 C
Colombo
Tuesday, July 8, 2025

අංක තහඩු හදන්න ව්‍යාජ පිටපත් දුන් සැරයන් මාට්ටු

- Advertisement -

ගම්පහ මල්වතු හිරිපිටිය විහාරස්ථානයේ දී කලපලුවාවේ ධම්මරතන හිමිට වෙඩි තැබීම සඳහා පැමිණි සුඛෝභෝගී මෝටර් රථයට අන්සතු වාහනයක ලියාපදිංචි අංක තහඩු ලබා ගැනීම සඳහා ව්‍යාජ පැමිණිලි පිටපතක් ලබා දුන් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශන අංශය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ පොලිසියකට අනුයුක්ත සැරයන්වරයෙක්.

හේනගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කළ අපවත් වූ කලපලුවාවේ ධම්මරතන හිමි මල්වතු හිරිපිටිය විහාරස්ථානයෙන් දානය වළඳා යළි හේනෙගම විහාරස්ථානය කරා වැඩම විම සඳහා සූදානමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නිලධාරීන් බව පවසා පැමිණි නාඳුනන පුද්ගලයන් තිදෙනෙකුගෙන් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය තිබෙන බවට පරික්ෂා කිරීමට අවශ්‍ය බවට පවසා ටී 56 ගිනි අවියකින් එම හිමිනම ඉකුත් ජනවාරි 23 වෙනි දින වෙඩි තබා ඝාතනය කළා.

මෙම සැකකාර සැරයන්වරයා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

විමල් CID කැඳවයි

ශ්‍රී ලංකා රේගුව විසින් බහාලුම් 323 ක් නිසි පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක්...

බොරැල්ලේ වෙඩිතැබීමක්

බොරැල්ල ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේදී අද (08) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති...

රාජිත හැංගිලා නැහැලු, අපහාසයන්ට එරෙහිව පැමිණිල්ලක්

රාජිත සේනාරත්න මහතා සැඟව සිටින බවට අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්...

POPULAR ARTICLES