31.7 C
Colombo
Friday, June 20, 2025

පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්

- Advertisement -

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත් පොතුහැර පොලිසියේ සැරයන්වරයා ලබන 08 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (24) නියෝග කළා.

නීතිවිරෝධි මත්පැන් සම්බන්ධ නඩුවක් පවතින පුද්ගලයෙකුට එම තොරතුරු ඇතුළත් කිරීමෙන් තොරව පොලිස් වාර්තාවක් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදුකර දීම සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම වැඩිදුරටත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියා.

අල්ලස් කොමිසමට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් අනුව පොතුහැර පොලිස් ස්ථානය ඉදිරිපිටදී අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේ සැකකාර පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැමිණිල්ලේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය ලබන අටවෙනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කළා.

RECENT ARTICLES - SINHALA

ගාල්ලේ නියෝජ්‍ය නගරාධිපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවලා

ගාල්ල මහ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නියෝජ්‍ය නගරාධිපති ලෙස පත්වූ ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ...

පොහොට්ටුවත් එක්ක ගාල්ලේ බලය මාලිමාවට

ගාල්ල මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබෙනවා. ගාල්ල මහ නගර සභාවේ මංගල රැස්වීම පළාත් පාලන මහකොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවැත්වුණා. ගාල්ල මහ නගර...

සිරකරු සමාවට තුන්කට්ටුවක් මැති සබේ පැටලිලා

ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේදී ජනාධිපතිවරයාගේ ලේඛනයට අදාළ නොමැති සිරකරුවෙකු නිදහස් කිරීමේ පිළිබඳ නැවත පාර්ලිමේන්තුවේදී ඊයේ (19) උණුසුම් සංවාදයක් ඇති වුණා. ඒ අමාත්‍ය ආනන්ද...

POPULAR ARTICLES

ගාල්ලේ නියෝජ්‍ය නගරාධිපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවලා

ගාල්ල මහ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නියෝජ්‍ය නගරාධිපති ලෙස පත්වූ ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ...

සිරකරු සමාවට තුන්කට්ටුවක් මැති සබේ පැටලිලා

ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේදී ජනාධිපතිවරයාගේ ලේඛනයට අදාළ නොමැති සිරකරුවෙකු නිදහස් කිරීමේ පිළිබඳ නැවත පාර්ලිමේන්තුවේදී ඊයේ (19) උණුසුම් සංවාදයක් ඇති වුණා. ඒ අමාත්‍ය ආනන්ද...

ලුණු සහ විෂ බැක්ටීරියා පමණක් ඇතුළත් ද්‍රාවණයකට රජයෙන් ලක්ෂ 1444ක් වැය කරලා – නීතිපති

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ගනුදෙනුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇතුළු සැකකරුවන් 11 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ අවසන් වාර්තාව...