වැලිකන්ද පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටි පොලිස් සැරයන්වරයෙක් එම පොලිස් ස්ථානයේ බැරැක්කයක් තුළ අද (30) අලුයම් කාලයේදී මිය ගොස් තිබෙනවා.
පොලීසිය පවසන්නේ මෙලෙස මිය ගොස් ඇත්තේ 52 හැවිරිදි එරාවුර් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි.
කෙසේවෙතත් මෙම පොලිස් සැරයන්වරයා මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද පොලීසිය සඳහන් කළා.
මේ වන විට කොට්ඨාශ අපරාධ පරීක්ෂණ නිලධාරීන් එම ස්ථානය පරීක්ෂා කර ඇති බවද පොලීසිය පවසනවා.
පොලීසිය තවදුරටත් සඳහන් කළේ වැලිකන්ද ප්‍රදේශයේ මහේස්ත්‍රාත්වරයා සහ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් එම ස්ථානය පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැලිකන්ද පොලිස් ස්ථානය මඟින් ක්‍රියාත්මකයි.