25 C
Colombo
Wednesday, September 27, 2023

ආයතන කිහිපයක් කෝප් කමිටුව හමුවට

- Advertisement -

මේ සතිය තුළ ආයතන කිහිපයක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව බවට වාර්තා වනවා.

අද ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

හෙට (20) සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර අනිද්දා දිනයේ කොළඹ විශ්වවිද්‍යාලයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා.

මේ අතර හෙට රැස්වන රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් කැඳවා ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා

එමෙන්ම මේ සතිය තුළ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත නැගෙනහිර පළාත් සභාවේ නිලධාරීන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද (19) සහ එළඹෙන 21 වන දින රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ද රැස්වීමට නියමිත බවයි.

RECENT ARTICLES - SINHALA

ප්‍රති-COVID ඖෂධයකින් නව විකෘති Covid වෛරසයක්

ලොව පුරා බහුලව භාවිතා වන ප්‍රති-COVID ඖෂධයක් හේතුවෙන් Covid වෛරසය විකෘති වීමක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. Covid සඳහා ප්‍රතිකාර කිරීමට නිපදවන ලද මුල්ම...

රනිල් ජර්මනියට ගිහින්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා අද (27) අලුයම ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ජර්මනිය බලා පිටත්ව ගොස් තිබෙනවා. මෙම සංචාරයේ අරමුණ...

ජංගම දුරකථනයක් නිසා තරුණයෙකුට දිවි අහිමි වෙයි

මහනුවර - තෙල්දෙණිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 17 හැවිරිදි තරුණයෙකු එහි ගොඩනැගිල්ලක සිව්වන මහලෙන් බිමට පැන ඊයේ (26) අලුයම සියදිවි හානිකර ගෙන තිබෙනවා. මෙම...

POPULAR ARTICLES

බැංකුවල ණය පොළී අනුපාතයේ වෙනසක්

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවත් පදනම් අංක 40 කින් සියයට 14.81 දක්වා අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට...

සිනොපෙක් එකටත් වඩා අඩුවෙන් තෙල් දෙන RM පාර්ක්ස්

එක්සත් ජනපදයේ RM Parks සමාගම ලබන මස සිට ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. RM Parks සමාගම යනු ලෝ...

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

ඉන්දියාවේදී පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි කටයුතු කරන්නේ දසුන්...