මීරිගම – බොකළගම ප්‍රදේශයේ තිබූ පක්ෂ කාර්යාල දෙකකට හා දිවුලපිටිය කිතුල්වල ප්‍රදේශයේ පක්ෂ කාර්යාලයකට ගිනි තබා අලාබහානි කර ඇතැයි පල්ලේවෙල පොලිසිය පවසනවා.
කිතුල්වල – ගිනිදම්මන හන්දියේ පිහිටි පක්ෂ කාර්යාලයක නාම පුවරු වල තැනින් තැනට ගින්නෙන් හානි වී ඇති අතර, ඊට කිලෝ මීටර් එක හමාරක් පමණ දුරින් පිහිටි හීදිවල ප්‍රදේශයේ කාර්යලයක ද නාමපුවරු සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ වී තිබෙනවා.
එම ස්ථානයට මීටර් දෙසීයක් පමණ දුරින් පිහිටි තවත් අපෙක්සකයකුගේ කාර්යාලයේ නාම පුවරුවල තැනින් තැන ගිනි තබා හානි කර තිබෙනවා.
හීදිවල ප්‍රදේශයේ ගිනි තබා තිබූ ස්ථාන දෙක අසල අත් අකුරින් ලියූ පෝස්ටර් කිහිපයක් දමා ගොස් තිබියදී පොලිසියට හමු වී ඇති අතර, ඒවා පොලිස් පරීක්‍ෂණ නොමඟ යැවීමට කළ උත්සාහයක් බවට පොලිසිය සැක කරනු ලබනවා.
පොලිසිය පවසන්නේ, එක් කාර්යාලය අසල වැටී තිබූ ගිනි පෙට්ටියක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.