31 C
Colombo
Friday, April 19, 2024

ෂාෆ්ටර්ගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය අද

- Advertisement -

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය පිළිබඳ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය අද (26) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අධිකරණය විසින් පත්කළ කොළඹ විශ්ව විද්‍යාලයේ වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය අසේල මෙන්ඩිස්ගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල විශේෂඥ මණ්ඩලය විසින්.

මීට මාස 5කට පෙර අභිරහස් ලෙස මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය ඊයේ (25) ගොඩගනු ලැබුවේ ඒ සම්බන්ධව පරීක්ෂණ පවත්වන මෙම අධිකරණ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය කර තිබු නිර්දේශයකින් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය ලබා දුන් නියෝගයකට අනුවයි.

දේහය ගොඩ ගැනුණු ස්ථානයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරියගේ ප්‍රධානත්වයෙන් ස්ථානීය නඩු කටයුත්තක් ඊයේ (25) පවත්වා තිබෙනවා.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ ලබන 20 වනදා මෙම නඩුව යළි කැඳවීමටයි.

RECENT ARTICLES - SINHALA

අරලගන්විල ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක්

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි අරලගන්විල පොලිසිය...

දුම්රිය ගමන්වාර 4 ක් අවලංගුයි

දුම්රිය බලවේග කට්ටල නොමැති වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 4 ක් අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරිය විසින් පියවර ගෙන තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රධාන මාර්ගයේ...

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත්

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. බොහෝ පිරිසක් රට ඇත්හැර ගොස් ඇති බවත් තවත් පිරිසක් විදේශ පුහුණුවීම් සදහා ගොස්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...