27.7 C
Colombo
Thursday, April 25, 2024

ශාරුක් ඛාන්ගේ පුත්‍රයා දෙවන වරටත් රිමාන්ඩ්

- Advertisement -

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සුපිරි නළු ශාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් අද (20) දෙවනි වරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට එරට අධිකරණය නියෝග කරනු ලැබූවා.

23 හැවිරිදි ආර්යන් පසුගිය දෙවනිදා මුම්බායි නගරයේ සිට ගෝවා බලා යාත්‍රා කරමින් තිබූ මගී නෞකාවකදී එරට මත්ද්‍රව්‍ය නිවාරණ කාර්‍ය්ංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ නීති විරෝධී ද්‍රව්‍ය ලඟ තබා ගැනීම, පරිභෝජනය කිරීම හා විකිනීම සම්බන්ධයෙන් පවතින නීති යටතේයි.

අත්අඩංගුවට ගත් ආර්යන් ඇතුළු පිරිස පසුගිය 8 වනදා පළමු වරට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළ අතර නැවත වරක් අද දින අධිකරණය ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ආර්යන් ඛාන්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට යළිත් නියෝග කළා.

ඔහුට ඇප ඉල්ලා සිටිමින් ආර්යන් ගේ නීතිඥයන් තර්ක කළේ ඔහු ලඟ තිබී මත්ද්‍රව්‍ය හමු නොවූ බවත් ඔහු කිසිඳු මත්ද්‍රව්‍යක් පානය කල බවට සාක්ෂි ඉදිරිපත් කර නොමැති බවත්ය.

එහෙත් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කල අධිකරණය ප්‍රකාශ කලේ සිදුවීමට සම්බන්ධ අනෙක් 17 දෙනාට වඩා වෙනස් ආකාරයකට ආර්යන්ට සැලකීමට නොහැකි බැවින් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි.

කෙසේ වෙතත් ඉන්දියාවේ සහ ජාත්‍යන්තර මාධ්‍යයේ දැඩි අවධානය දිනාගෙන ඇති මෙම සිදුවීම සම්බන්ධයෙන් සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් තවමත් කිසිදු නිළ ප්‍රකාශයක් නිකුත් කර නැහැ.

– තිලාන් ජයසේකර –


RECENT ARTICLES - SINHALA

ශ්‍රී පාද උඩමළුවෙන් පහළට පැන්න තරුණයා හමුවෙලා

කාන්තාවන් දෙදෙනෙකු සමග වන්දනාවේ පැමිණ ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වූ දිනේෂ් හේමන්ත නමැති වයස අවුරුදු 33 ක සූරියවැව ප්‍රදේශයේ පදිංචි තරුණයා...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...