25 C
Colombo
Saturday, December 9, 2023

පිටිය මාරු කළ ශකීබ්

- Advertisement -

බංග්ලාදේශයේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසන් නිල වශයෙන් දේශපාලනයට පිවිස ඇති බවට විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ අනුව, ඔහු එළඹෙන ජනවාරි 07වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට තරඟ වැදිමට සූදානම් වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බංග්ලාදේශයේ පාලක පක්ෂය වන අවාමි ලීගයෙන් ඔහු මැතිවරණයට පිවිසෙන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ඔහුට එම පක්ෂයේ නාම යෝජනාද හිමි විමට නියමිත බව සඳහන්.

ශකීබ් අල් හසන් මේවනවිටත් අවාමි ලීගයෙන් නාම යෝජනා පත්‍ර ලබා ගෙන ඇති අතර එළඹෙන මහ මැතිවරණයේදී ඔහු ආසන 03කට තරඟ කිරීමට නියමිත බව ඇතැම් විදෙස් මාධ්‍ය පවසනවා.

ශකීබ් අල් හසන් එළඹෙන මහ මැතිවරණයට තරඟ වදින බව අවාමි ලිගයේ මහ ලේකම් බහුදීන් නසීම් ද තහවුරු කර තිබෙනවා.

ඔහු පවසන්නේ ශකීබ් අල් හසන් රටේ තරුණයින් අතර මහත් ජනප්‍රියත්වයට පත්ව ඇති බැවින් ඔහු මහ මැතිවරණයේදී ඉතා ඉහළ ජයක් වාර්තා කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

කෙසේවෙතත් ශකීබ් අල් හසන්ගේ මැතිවරණ අපේක්ෂකත්වය අග්‍රාමත්‍ය ශෙසික් හසීනාගේ ප්‍රධානත්වයෙන් රැස්වන ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මණ්ඩලයක් විසින් තහවුරු කළ යුතු බවයි වාර්තා වන්නේ.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරඟයේදී ඇන්ජලෝ මැතිවුස්ගේ ආන්දෝලනාත්මක දැවී යාමත් සමඟ ශකීබ් අල් හසන් දෙස් විදෙස් මාධ්‍ය තුළ පුවත් මවන්නෙකු බවට පත් වුණා.

RECENT ARTICLES - SINHALA

අයිසීසීපීආර් යටතේ 44කට අධිචෝදනා ගොනු කරලා

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ 2017 වසරේ සිට අත්අඩංගුවට ගත් 219 දෙනකු අතුරෙන් 44 දෙනකුට අධිචෝදනා ගොනු කර ශ්‍රී ලංකා...

ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම ඇරඹේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරන ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ගෝවාහිදී අද (08) පැවැත්වුණා. නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම...

බදුල්ල – කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නායයාමට ලක්වීමෙන් උඩුවර 6 කනුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට...

POPULAR ARTICLES

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...

අද ඇමෙරිකානු ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම්...