32 C
Colombo
Friday, April 19, 2024

චීනයේ තුන්වන ගුවන් යානා හාරක නෞකාව පස්සට යයි

- Advertisement -

ෂැංහයි නගරය කොරෝනා වෛරස පාලනයට අගුලු දැමීම හේතුවෙන් චීනයේ නැව් තැනීමේ සැලසුම් මන්දගාමී කර ඇති අතර මේ හේතුවෙන් එරට තුන්වන ගුවන් යානා ප්‍රවාහන නෞකාව දියත් කිරීම ප්‍රමාද වී ඇති බවට වාර්තා පළවී තිබේ.

චීන නාවික හමුදාව විසින් අප්‍රේල් 23 වන දින එරට නාවික හමුදාවේ 73 වන සංවත්සරයට සමගාමීව නව ගුවන් යානා භාරක නෞකාව දියත් කිරීමට සැළසුම් කර තිබිණ.

එහෙත් ෂැංහයි හි පැතිර යන කොවිඩ් වසංගතය පාලනයට පනවා ඇති සංචරණ සීමා නිසා ඇතැම් අමුද්‍රව්‍ය ප්‍රවාහනය ප්‍රමාද කර ඇති බැවින් සැලැසුම් ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.

මෙම නෞකාවේ ඉදිකිරීම් 2017 වසරේ සිට ෂැංහයි හි Changxing Island හි Jiangnan නැව් තටාකයේ සිදු වෙමින් පවතින අතර මෙම වසර මුලදී එය දියත් කිරීමට සැලසුම් කර තිබිණ.

මෑත කාලීන චන්ද්‍රිකා ඡායාරූප මගින් පෙන්නුම් කළේ මීටර් 320කට ආසන්න දිග නෞකාවේ ඉදිකිරීම් බොහෝ දුරට අවසන් වී ඇති බවයි.

එහෙත් නව තත්වය හමුවේ එය දියත් කිරීම බොහෝ සෙයින් ප්‍රමාද වනු ඇති බව එරට වාර්තා වැඩිදුරටත් පවසයි.

RECENT ARTICLES - SINHALA

මුහුද මැදදී මගී බෝට්ටුවක දරුවෙකු ප්‍රසූත කරයි

යාපනය නාගදීපය ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට...

රැග් එක නවත්තන්න ‘මෛත්‍රී’ මාසයක්

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කීරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. උසස්...

කන්ටේනර් අනතුරෙන් හතරක් රෝහලට

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද (19) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලවෙල හන්දිය...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...