31 C
Colombo
Saturday, June 10, 2023

ෂැන්ග්‍රිලා සාදයේ විමර්ශන කොටුව පොලීසියෙන් ඉවත්කර ගනියි. කොටුව OIC ට එරෙහිවත් විමර්ශනයක්.

- Advertisement -

මේ වන විට ආන්දෝලනයට තුඩුදී තිබෙන ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ මහතාගේ උපන්දින සාදයට අදාළ විමර්ශන කොටුව පොලීසියෙන් ඉවත්කිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කටයුතු කර තිබෙනවා.

ඒ අනුව අදාළ විමර්ශන සිදුකිරීම කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජනක් නන්දන මහතා වෙත පැවැරීමට පියවර ගෙන ඇති අතර කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයාට එරෙහිව විමර්ශනයක්ද ආරම්භ කෙරුණා.

ඒ පසුගිය 30 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී උපන්දින සාදයක් පවත්වා මත්පැන් සාදයක් පැවැත්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගත්
ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ, නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ඇතුළු සාදයට එක්ව සිටි 20 දෙනකු පමණ පිරිසක් මුදාහැරීමට කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ සහාය ලැබුණේ ද යන්න පිළිබදවයි.

මැයි 30 වැනිදා රාත්‍රියේ පැවැති මෙම උපන්දින සාදයට සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් විසිදෙනකු පමණ පොලිස් නිලධාරීන් විසින් මුදාහැර ඇති බවට මේ වන විට තොරතුරු වාර්තාවන බවයි පැවසෙන්නේ.

අදාළ සිදුවීම පිළිබදව පසුදින උදෑසන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියමයෙන් විමර්ශන ආරම්භ කල පසු චන්දිමාල් ජයසිංහ හා නිරූපණ ශිල්පී පියුමි හංසමාලි යන අය දහවල් කාලයේ කොටුව පොලිසියට කැඳවා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ස්ථානාධිපතිවරයා කටයුතු කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙසේ වෙතත් අදාළ පුද්ගලයින් නිරෝධායනයට යොමුකිරීමේ ක්‍රියාවලිය පොලීසිය සිදුකල ආකාරය පිළිබදව ගැටළු රැසක් මේ වන විට මතුව තිබෙනවා.

අදාළ නිරෝධායනය ක්‍රියාවලිය කළ යුත්තේ සෞඛ්‍ය අංශ විසින් වුවද, මෙම සිදුවීමේදී එම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පොලිසිය විසින් සිදු කිරීම පුදුම සහගත බවත් ඊට අදිසි හස්තයක බලපෑමක් ඇති බවත් වින්දිත පාර්ශවයේ නීතිඥයින් සඳහන් කරනවා.

අධිකරණයෙන් ඇප ලබා නිවෙස්වල සිටි පිරිස් හදිසියේ පොලීසියට කැඳවා නිරෝධායනයට පිටත් කළද නිරෝධායන කාලය තුළ ඔවුන්ට අවශ්‍ය ඇඳුම් පැළදුම් හෝ ගෙන්වා ගැනීමට අවස්ථාව නොදී අපරාධකරුවන් සේ බස්රථයක නංවා හදිසියේ පිටත් කළ හැරි බවයි නීතිඥයින් පෙන්වා දෙන්නේ.

මෙම සිදුවීමේදී කොටුව පොලිසියේ දැනුම්දීමට එම ස්ථානයට කැඳවා තිබූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සම්බන්ධයෙන්ද අපූරු තොරතුරක් වාර්තා වනවා.

කොටුව පොලිස් ස්ථානය කළ දැනුම්දීමක් අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂක හේරත් මහතා පොලිස් ස්ථානයට ගිය පසුව දැනගෙන ඇත්තේ අදාළ සිදුවීම තම බලප්‍රදේශය තුළ සිදුවූවක් නොවන බවයි.

එබැවින් මෙම සිද්ධියට මැදිහත්වීම ගැටලු සහගත බවත් ඒ සඳහා තමන්ට උපදෙස් ලබා ගත යුතු බවත් පවසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පොලිසියෙන් පිටතට පැමිණි අවස්ථාවේ පොලිසිය මෙම පිරිස බස් රථයකට දමාගෙන පිටව ගොස් ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

නිරෝධායනයට ලක්විය යුතු අයෙකුට තමන්ට නිරෝධායනට ලක්වීමේ ස්ථානයක් තෝරාගැනීමේ අවස්ථාව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදී තිබුණද මෙම පුද්ගලයින්ට එම අවස්ථාවද පොලීසියෙන් ලබාදී තිබුණේ නැහැ.

තවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහන් කරන්නේ යම් සිදුවීමකදී කිසිදු කොවිඩ් රෝගියෙකු හෝ ආශ්‍රිතයෙකු නොමැති අවස්ථාවක කිසිදු පුද්ගලයෙකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු නොකරන බවයි.

RECENT ARTICLES - SINHALA

බස් රථ අනතුරකින් 16 හැවිරිදි සිසුවෙකු මරුට

ලංගම බස් රථයක් අනතුරට ලක්වීමෙන් 16 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා. බදුරලිය පොලීසිය කියා සිටියේ අනතුරෙන් තවත් 10 දෙනෙක්...

රටේ අනාගත සෞඛ්‍ය ගැන බරපතළ අනාවරණයක්

ආර්ථික අර්බුදය හමුවේ සෞඛ්‍ය අංශයේ ඉහළ නිපුනතා සහිත පිරිස් රටින් පිටතට සංක්‍රමණය වීමේ ප්‍රවනතාවය ඉහළ යාම හේතුවෙන් ඉදිරි කාල සීමාව තුළ මෙරට...

පොලිසිය සමන්ගේ බ්‍රේස්ලට් එකත් අරන් – නීතීඥ සේනක පෙරේරා

2023 ජනවාරි 10 දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ (Police Narcotics Bureau) නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටිය දී මියගිය වෘත්තීය පුහුණු අධිකාරියේ සේවය කළ අන්තෝනි...

RECENT ARTICLES - ENGLISH

Two planes ‘likely collided’ at the airport in Tokyo

0
Two airplanes have “highly likely collided” with each other at the Haneda Airport in Tokyo, Japanese public broadcaster NHK is reporting, citing...

Sri Lankan passenger fined $5,500 for trying to bring plant cuttings into Australia

0
A Sri Lankan traveler to Australia who attempted to hide plant cuttings in the luggage, which also included bananas and flour, was...

China’s multilateral development banks expand efforts to globalize Renminbi

0
China's drive to promote the use of its national currency, the Renminbi (RMB), continues to gain momentum with Multilateral development banks (MDBs)...