24 C
Colombo
Monday, December 11, 2023

ශානිගේ ජීවිතාරක්ෂාව සඳහා පියවර ගන්න – මානව හිමිකම් කොමිසම නිර්දේශ කරයි

- Advertisement -

රිමාන්ඩ් භාරයේ සිටියදී කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ ජීවිතාරක්ෂාව සඳහා පියවර ගන්න ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් ඉල්ලා තිබේ.

 මහර රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා ඇති අබේසේකර මහතාට කෝවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇතිනම් ඔහු වහාම රෝහල් ගත කර ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන ඇති පියවර දැනුම් දෙන ලෙස මානව හිමිකම් කොමිසම බන්ධනාගාර කොමසාරිස්වරයාට නොවැම්බර් 25 දාලිපියක් යවමින් නිර්දේශ කර ඇත.

අබේසේකර මහතාගේ ජීවිතාරක්ෂාව සදහා ගන්නා පියවර මොනවාදැයි නොවැම්බර් 30 දාට පෙර මානව හිමිකම් කොමි්‍සමට දැනුම් දෙන ලෙසත් ලිපියේ සදහන් වී ඇත.

 කෙසේ වෙතත් පසුගිය සතියෙහි පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු සහරාන් හෂීම්ගේ බිරිඳ වන ෆාතිමා කාදර් සාදියාගේ ජීවිතාරක්ෂාව සලසන ලෙසත් මානව හිමිකම් කොමිසම බන්ධනගාර කොමසාරිස්වරයාට නිර්දේශයක් යවා තිබුණි.

RECENT ARTICLES - SINHALA

කුරුණෑගල පාසලක සියලුම සිසුන් සාමාන්‍ය පෙළ අසමත් වෙලා

කුරුණෑගල අධ්‍යාපන කලාපයේ ඇති පාසලක සාමාන්‍ය පෙළට ඉදිරිපත් වී ඇති සිසුන් 17දෙනකු විභාගය අසමත්වී තිබෙන බව වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. ආණ්ඩුකාරවරයා...

වැට් බදු පනත් කෙටුම්පත අද යළිත් පාර්ලිමේන්තුවට

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද (11) දිනයේ සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය සහ ලෝක බැංකුව මඟින් ලබාදෙන...

AI තාක්ෂණයට ඉතිහාසයේ වැඩිම මුදල අයවැයෙන් වෙන් කළා- ජනාධිපති රනිල්

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

අර්ජුනගෙන් අලුත් සන්ධානයක්

දූෂිතයින්ගෙන් සහ වංචාකාරීන්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, අස්ගිරි...

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව රුපියල් 4,000ක...