24 C
Colombo
Thursday, March 30, 2023

ශානී අබේසේකරට කොවිඩ්

- Advertisement -

‍ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත.

මේ වන විට ඔහුව මහර බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යවා ඇත.

ගම්පහ මහාධිකරණයේ විභාග වීමට ඇති නඩුව නොවැම්බර් 26 වන දිනට යෙදී ඇති අතර නොවැම්ර් 30 වන දින පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණ සිදු කරන ජනාධිපති කොමිසම හමුවේ ශානී අබේසේකර මහතා තම සාක්ෂි ඉදිරිපත් කිරීමට නියමිත වී තිබුණි.

කෙසේ වෙතත් ශානි අබේසේකර මහතා සම්බන්ධයෙන් ගම්පහ මහාධිකරණයේ විභාග වීමට ඇති නඩුව නොවැම්බර් 26 වන දිනට යෙදී ඇති අතර නොවැම්ර් 30 වන දින පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණ සිදු කරන ජනාධිපති කොමිසම හමුවේ ශානී අබේසේකර මහතා තම සාක්ෂි ඉදිරිපත් කිරීමට නියමිත වී තිබුණි.

එම කාලය අතරතුරදී ශානී අබේසේකර මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම විමතියට කරුණකි.

තම සැමියාගේ ජීවිතයට තර්ජනයක්

කෙසේ වෙතත් ශානී අබේසේර මහතාගේ බිරීඳ වන ශ්‍රියාන්තා අබේසේකර මහත්මිය තම සැමියාගේ ජීවිතයට තර්ජනයක් ඇති බව පවසමින් නොවැම්බර් 09 වන දින අගවිනිසුරුවරයාට සහ නීතිපතිවරයාට සහ මානව හිමිකම් කොමිසම් සභාවටද ලිපියක් යවා තිබුණි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අබේසේකර මහතා ඒ වන විට මහර රිමාන්ඩ් බන්ධනාගාරයේ අත්අඩංගුවේ පසුවන බවත් ඔහුට එල්ල වී ඇති මරණීය තර්ජන හා තුවාල සිදුකිරීම පිළිබදව ඇති අවධානම සම්බන්ධව ඔහුගේ බිරිඳ වන ශ්‍රියාන්තා අබේසේකර විසින් අදාල ලිපියේ කරුණු දක්වා තිබුණි.

ශ්‍රියාන්තා අබේසේකර මහත්මියගේ ලිපිය පහතින්.

ගරු අගවිනිසුරු තුමා, ගරු නීතිපති තුමා සහ අනෙකුත් රජයේ නිලධාරී මහත්වරුනී,

මගේ ස්වාමිපුරුෂයා වන ශානි අබේසේකරට එල්ල වී ඇති මරණීය තර්ජන හා තුවාල සිදුකිරීම පිළිබදව ඇති අවධානම සම්බන්ධවයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා දැනට මහර රිමාන්ඩ් බන්ධනාගාරයේ අත් අඩංගුවේ පසුවෙයි. 2020 ජුලි 31 වන දින ඔහු අත්අඩංගුවට ගැනීමට පෙර ඔහුගේ පොලිස් ආරක්ෂාව ඉවත් කර තිබූ අතර ඔහුට ඒ වන විටත් මරණ තර්ජන පවා එල්ල වී තිබූණි. එම පැමිණිලි පොලිසිය විසින් විමර්ශනය කරමින් ද පැවතිනී. ඔහු SC FR 221/2020 මූලික අයිතිවාසිකම් අයදුම්පත් අංකයේ පෙත්සම්කරු වේ. නඩු අංක S.C. TAB 1A-1F / 17 සමඟ අභියාචනයක් යටතේ ඔහු මහාධිකරණ නඩු විභාගයේදී HC 7193/14 හි රජයේ සාක්ෂිකරුවෙකි.

මාගේ ස්වාමිපුරුෂයා වන ශානි අබේසේකර සම්බන්ධයෙන් එල්ලකොට ඇති චෝදනා විමර්ශනය කරන කොළඹ අපරාධ කොට්ඨාසයට (සීසීඩී) අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වන, සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සොයිසා සහ පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත විසින් මාගේ ස්වාමිපුරුෂයාට විරුද්ධව සාවද්‍ය සාක්ෂි ලබා දෙන ලෙස සාක්ෂිකරුවෙකුට බලපෑම් කළ බවට ද ගරු අධිකරණයට කරුණු ඉදිරිපත් වුණී.

පහත සබැදිය.

http://www.ft.lk/front-page/CCD-accused-of-pressuring-CID-sleuth-to-falsely-implicate-Shani/44-704124

තව ද එම නිලධාරීන් දෙදෙනාගේ අන්තඩංගුවේ සිටිය දි ඝාතනයට ලක්වු සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත නොහොත් මාකදුරේ මධුෂ් පොලිස් අන්තඩංගුවේ සිටිය දී එසේ ඝාතනය වුයේ කෙසේද යන්න සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇත.

2020 ඔක්තෝබර් 22 වන දින අන්තර්ජාල වෙබ් අඩවියක පළ කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී, මගේ සැමියා පිළිබඳව විමර්ශනය භාරව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින්, මගේ ස්වාමිපුරුෂයා පාතාල කටයුතුවලට සම්බන්ධ බවට පදනම් විරහිතව අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන ලදී.


අදාල වීඩියෝව මේ සබැදියෙන්

තවද රිමාන්ඩ් බන්ධනාගාරය තුළ මගේ ස්වාමිපුරුෂයාව ඝාතනය කිරීමට සැලසුමක් ඇති බවට පෙරේදා දින පවත්වන පුවත්පත් සාකච්ඡාවක දී ද සදහන් කරන ලදී.

මගේ ස්වාමිපුරුෂයා ගෞරවාන්විත පොලිස් නිලධාරියෙක් වන අතර ඔහු මිනීමරුවන් සහ පාතාල සාමාජිකයින් 35 දෙනෙකු පිළිබඳව සාර්ථක විමර්ශන කර ඔවුන්ව නීතිය හමුවට පමුණුවා ඇත.

2012 දී රිමාන්ඩ් භාරයේ සිටි පුද්ගලයන් දොළොස් දෙනෙකු ඝාතනය කිරීම පිළිබඳ ව්මර්ශනයේ අධීක්ෂණ නිලධාරී ලෙස මගේ ස්වාමිපුරුෂයා කටයුතු කල අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ගරු නීතිපතිතුමා විසින් බන්ධනාගාර නිලධාරියෙකුට සහ පොලිස් නිලධාරියෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගද ගන්නා ලදි. එසේ හෙයින් මාගේ ස්වාමිපුරුෂයා බන්ධනාගාර නිලධාරීන් සහ දැනට විමර්ශන වලට භාජනය වී ඇති පොලිස් නිලධාරීන් යටතේ රඳවා සිටිම ඔහුගේ ජිවිත ආරක්ෂාවට තර්ජනයක් ලෙස මම සිතමී.

එසේ හෙයින් මේ අකාරයෙන් ඔහුව අනාරක්ෂිත ලෙස සිරගත කර තිබීම් ඔහු විසින් කරන ලද පරික්ෂණ වල ප්‍රතිඵල කඩාකප්පල් කීරීමක් වන අතර, එමගින් ඇතැම් බලවත් පුද්ගලයින්ට ඔහුගේ ජිවිතයට හානීයක් කිරිමට අවකාශ ද ඇතී වේ.

ඒ අනුව ඉහත දක්වන ලද කරුණු සලකා බැලීමේදී මාගේ ස්වාමිපුරුෂයාට බරපතල ජීවිත තර්ජන ඇති බව මම විශ්වාස කරමි. ඔහු වසර 30 ක් පුරා තම ජීවිතයද පරදුවට තබමින් මෙරට පුරවැසියන්ට යුක්තිය ඉටුකිරීම සදහා පවුලේ සාමාජිකයන් පිලිබදවද නොතකා සිය වෘත්තීයමය රාජකාරි මහත් වගකීමක් සහිතව ඉටුකල අයෙකි. එසේහෙයින් මාගේ ස්වාමිපුරුෂයාගේ ජීවිතය ආරක්ෂා කිරීම රජයේ වගකීමක් වන අතර ඔහුගේ ජීවිතයට හානියක් වීම වැළැක්වීම සදහා අවශ්‍ය සියලු පියවර රජය විසින් ගතයුතු බව මම සිතමි. එසේහෙයින් මාගේ ස්වාමිපුරුෂයාව බන්ධනාගාරය තුල හෝ ඉන් පිටතදී ඝාතනය වීම වැළැක්වීම සදහා ඔබතුමන්ලා විසින් ගතයුතු සහ ගතහැකි සියලු රාජකාරීමය පියවරගෙන ඔහුගේ ජීවිත අරාක්ෂාව රැකදෙන ලෙස මම ඉතා ගෞරව පූර්වකව හා නිහතමානී ලෙස අයැද සිටිමි.

කමනි ශ්‍රියාන්තා අබේසේකර, (ශානි අබේසේකරගේ බිරිඳ )

කෙසේ වෙතත් ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරිමේ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සහ ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන තිබුණි.

RECENT ARTICLES - SINHALA

අර්ජුනට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් අස්වෙන්න කියයි

0
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතාට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස...

කටුනායක ආරක්ෂාව තර කෙරේ – හේතුව මෙන්න

0
කටුනායක ගුවන් තොටුපොළේ ආචාරශීලි මෙන්ම සුහද බව කෙලෙසන සහ විවිධ අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට මෙතෙක් නියම කර තිබුණු රුපියල් 25000 දඩ මුදල ලක්ෂය...

රට හදන හැටි ජනපති කියයි

0
මෙරට සිසු පරපුර 2048 වන විට රට භාර ගැනීමට හැකිවන පරිදි නවීන තාක්ෂණයෙන් සියලු අංශ පිළිබඳව සන්නද්ධ විය යුතු බව ජනාධිපති රනිල්...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...