25.6 C
Colombo
Saturday, July 19, 2025

ශානි අබේසේකරගේ වාහනයට පොලිස් කොස්තාපල්වරයෙක් අතින් වෙඩි වැදිලා

- Advertisement -

අපරාධ පරීක්ෂණ දෙපාර්තවේ හිටපු අධ්‍යක්ෂක විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාගේ මෝටර් රථයකට පොලිස් කොස්තාපල්වරයෙක් අතින් වෙඩි වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ශානි අබේසේකර මහතාගේ නිවසේ නතර කර තිබූ මෝටර් රථයට එහි ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ අතින් වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

පසුගිය 17 වනදා මෙම සිදුවීම සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් සිද්ධිය වන අවස්ථාවේ ශානි අබේසේකර මහතා නිවසේ සිට නොමැති අතර කොස්තාපල්වරයා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ශානි අබේසේකර මහතා දැනුවත් කර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.

සිය මෝටර් රථයට ඉන්ධන ලබා ගැනීමට යාමේ දී එහි ඉන්ධන කාන්දුවක් ඇති බවට හඳුනාගෙන ඇති ශානි අබේසේකර මහතා වාහනය අලුත්වැඩියා කරන ස්ථානයකට ගොස් පරික්ෂා කිරීමේදී වාහන ඉන්ධන ටැංකිය අසළ වෙඩි සිදුරක් හඳුනාගෙන තිබෙනවා.

පසුව ශානි අබේසේකර මහතා ඉන්ධන ටැංකියට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව අනාවරණය කරගෙන ඇති බව සඳහන්.

ඉන් අනතුරුව කරනු ලැබූ සොයා බැලීමේදී නිවසේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අතින් සිදුව ඇති බව තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ශානි අබේසේකර මහතා බොරැල්ල පොලිස් ස්ථානාධිපති රංජන සමරසිංහ මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම පැමිණිල්ලට අනුව පොලීසිය අදාළ කොස්තාපල්වරයාගේ ඇතුළු එහි ආරක්ෂාවට යොදවා සිටින පිරිසගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

එහිදී එම පොලිස් කොස්තාපල්වරයා ප්‍රශ්ණ කිරීම හමුවේ ප්‍රකාශ කර ඇත්තේ සිද්ධිය අත්වැරදීමකින් සිදු වූ බවයි.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අද වැසි තත්ත්වය ගැන දැනුම් දීමක්

අද (19) බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බවත්,  සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්...

සබරගමුව නවකවද සිද්ධිය: උපකුලපති වෙනුවෙන් නීතිපති නැහැ

සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ සිසුවකු නවක වදයට ලක්වීම හේතුවෙන් සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළව විමර්ශනයක් කර සිද්ධියට සම්බන්ධ සිසුන්ට එරෙහිව සුදුසු පියවර...

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) අද (18) දිනයේදී ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද ඒකක 96.85 කින් ඉහළ ගොස් ඇති අතර,...

POPULAR ARTICLES