26.1 C
Colombo
Monday, June 16, 2025

ශානිටත් ආණ්ඩුවෙන් තනතුරක්

- Advertisement -

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ්‍ය ශානි අබේසේකර මහතාට නව රජයෙන් තනතුරක් ලබාදීමට සූදානම් වන බවට News19 වෙත තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව එළැඹෙන දින කිහිප තුළ ශානි අබේසේකර මහතා අදාළ තනතුරෙහි වැඩ භාර ගනු ඇති.

කෙසේවෙතත් මෙම තනතුර කුමක්දැයි මේ වන තෙක් වාර්තා වන්නේ නැහැ.

2013 වර්ෂයේදී කොළඹ ප්‍රදේශයේදී මොහොමඩ් සියාම් නම් ව්‍යාපාරිකයෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේදී හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු පිරිසට එරෙහිව ව්‍යාජ සාක්ෂි සැකසූ බවට චෝදනා කරමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එම විමර්ශන භාරව කටයුතු කළ ශානි අබේසේකරට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ කොළඹ අපරාධ කොට්ඨාශයට 2020 වසරේදී පැමිණිල්ලක් ගොනු කළා.

ඒ අනුව 2020 වසරේ ජුලි මස 31 වෙනිදා අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් එවකට වැඩ තහනම්ව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ශානි අබේසේකර අත්අඩංගුවට ගනු ලැබූවා.

ව්‍යාජ සාක්ෂි සැකසීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාට මාස 10යි දින 08ක් බන්ධනාගාර ගතව සිටීම ට සිදුවුණා.

ශ්‍රී ලංකාවේ සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ ගණනාවක් භාරව විමර්ශන නිලධාරියෙකු ලෙස කටයුතු කළ ශානි අබේසේකර රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය, කොළඹ අවට තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ රතුපස්වල වෙඩි තැබීම වැනි ආන්දෝලනාත්මක විමර්ශන ගණනාවක් සිදුකළ නිලධාරියෙකු වනවා.

එමෙන්ම රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනීමැරුම, උඩතලවින්න ඝාතනය හා මොහොමඩ් සියාම් ඝාතනය වැනි ආන්දෝලනාත්මක මිනීමැරුම් ගණනාවක අභිරහස් හෙළිකරගත් විමර්ශනවල කටයුතු වල නියැළුණු නිලධාරියෙක් ලෙස ද ශානි අබේසේකර ප්‍රසිද්ධියට පත්වුණා.


RECENT ARTICLES - SINHALA

කොළඹ බලය කාටද?

කොළඹ මහ නගර සභාවේ මංගල සැසිය අද(16) පැවැත්වෙනවා. පෙරවරු 9.30 ට සැසිය ආරම්භ වන්නේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා...

නායයෑමේ අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 07ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබෙනවා. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම...

වත්කම් තහනම් කල සෙට් එක මෙන්න

සංවිධානාත්මක අපරාධකරුවන් සහ මූල්‍ය වංචාවලට සම්බන්ධ පුද්ගලයින් 88 දෙනෙකුගේ වත්කම් තහනම් කර තිබෙනවා. පොලිසිය සඳහන් කලේ ඒ අතර සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලැබු...

POPULAR ARTICLES

කොළඹ බලය කාටද?

කොළඹ මහ නගර සභාවේ මංගල සැසිය අද(16) පැවැත්වෙනවා. පෙරවරු 9.30 ට සැසිය ආරම්භ වන්නේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා...

බොරතෙල්වලට බලපාන යුද ගැටුම්

ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද (16) දිනයේ  WITබොරතෙල් බැරලයක මිල ඩොලර්...

නායයෑමේ අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 07ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබෙනවා. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම...