29.5 C
Colombo
Wednesday, July 9, 2025

කෝටි 100ක වන්දි ඉල්ලා ශානි නඩු මඟට

- Advertisement -

අධිකරණ ක්‍රියාවලිය අනිසි ලෙස භාවිත කරමින් තමන්ව අසත්‍ය චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින් සිය ආත්ම ගරුත්වයට සිදුකළ හානිය වෙනුවෙන් රුපියල් කෝටි 100ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබෙනවා.

එම පෙත්සමේ විත්තිකරුවන් ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා, එහි පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත සහ නීතිපතිවරයා නම් කර තිබුණා.

නීතිඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් ගොනුකර ඇති මෙම පෙත්සම තුළින් ශානි අබේසේකර මහතා කියා සිටින්නේ, කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සොයා ගත් ගිනිඅවි පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් තමන්ට එරෙහිව ද්වේශ සහගත සහ පළිගැනීමේ චේතනාවෙන් විමර්ශනයක් සිදුකළ බවයි.

පොලිස්පතිවරයා සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයාගේ තීරණයක් අනුව මෙම විමර්ශනය පැවැත්වුණු බවත් ඔහු පෙන්වා දෙනවා.

මෙම විමර්ශනවලදී කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් අධිකාරී නෙවිල් සිල්වා සහ පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත යන අය තමන්ට එරෙහිව අසත්‍ය ප්‍රකාශ සිදුකරන ලෙස විවිධ පුද්ගලයින්ට බලපෑම් කර තිබූ බවත් ශානි අබේසේකර මහතා සිය පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

ඒ අනුව, වගඋත්තරකරුවන් තමන්ව අත්අඩංගුවට ගෙන ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළ බවත් මාස ගණනාවකින් පසුව නීතිපති උපදෙස් මත නිදහස් කෙරුණු බවත් ඔහු එම පෙත්සම මඟින් පෙන්වා දෙනවා.

ඒ අනුව, වගඋත්තරකරුවන් අධිකරණ ක්‍රියාවලිය අනිසි ලෙස භාවිත කරමින් ද්වේශ සහගත ලෙස තම ආත්ම ගරුත්වයට එල්ල කළ අපකීර්තිය වෙනුවෙන් රුපියල් කෝටි 100ක වන්දියක් අය කළ දෙන ලෙස ඉල්ලා ශානි අබේසේකර මහතා විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකාරක සභාව ප්‍රථමවරට රැස්වෙලා

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පත්කරන ලද ‘අධ්‍යාපන සභාව’ පිහිටුවීම පිළිබඳ අනු කාරක සභාව ප්‍රථමවරට රැස්වුණා. ඒ...

වතුර පරිස්සමින් පාවිච්චි කරන්න

පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉතා කාරුණිකව...

නවකවධය වැළැක්වීමට නිර්දේශ රැසක්

විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවධය වැළැක්වීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් නිර්දේශ කිහිපයක්   ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව නවකවධය පිළිබඳ සිදුවීම් වාර්තා කිරීම සඳහා පැය...

POPULAR ARTICLES

ඉන්දියාවේ පාලමක් කඩාවැටී පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වසර 40ක් පැරණි මෙම පාලමෙහි කොටසක් කඩා වැටීමත් සමග ට්‍රක් රථ දෙකක්, මෝටර් රථයක්...

අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකාරක සභාව ප්‍රථමවරට රැස්වෙලා

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පත්කරන ලද ‘අධ්‍යාපන සභාව’ පිහිටුවීම පිළිබඳ අනු කාරක සභාව ප්‍රථමවරට රැස්වුණා. ඒ...

වතුර පරිස්සමින් පාවිච්චි කරන්න

පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉතා කාරුණිකව...