24 C
Colombo
Thursday, March 30, 2023

ධම්මිකාගේ අවු35ක් පරණ වාර්තාව කැඩූ කෙල්ල

- Advertisement -

නිමාවට පත්වූ 98 වැනි ජාතික මලල කී‍්‍රඩා ශූරතාවලියේදී දෙසැම්බර් 29 වැනිදා වසර 35ක් පැරැුණි කනිෂ්ඨ මලල කී‍්‍රඩා වාර්තාවක් බිඳ දැමීමට පාසල් මලල කී‍්‍රඩිකා ශානිකා ලක්ෂානි සමත් විය.

ගම්පහ සිරිකුරුස විදුහලේ ශිෂ්‍යාවක් වූ ශානිකා ලක්ෂානි මෙවර ජාතික මලල කී‍්‍රඩා ශූරතාවලියේදී කාන්තා මීටර් 1500 ඉසව්ව නියෝජනය කරමින් මිනිත්තු 4.33.40ක කාලයක් වාර්තා කරමින් තරගයේ සිව්වැනි ස්ථානයට පත්වන්නට සමත් වූවාය.

එම ඉසව්ව නියෝජන කරමින් කනිෂ්ඨ කී‍්‍රඩිකාවක් විසින් වාර්තා කළ හොඳම කාලය ලෙසින් එය සටහන් විය. ශානිකා ලක්ෂානිට පෙර 1985දී සිංගප්පූරුවේ පැවැති ආසියානු ඉන්ටර්සිටි කනිෂ්ඨ ශූරතාවලියේදී මිනිත්තු 4.35.70ක කාලයක් වාර්තා කරමින් අදාළ වාර්තාවට හිමිකම් කීමට හිටපු ජාතික ශූරිය වන දම්මිකා මැණිකේ සමත්ව සිටියාය. එම වාර්තාව වසර 35කට පසු බිඳ දැමීමට ශානිකා ලක්ෂානි ඊයේ සමත් වූවාය.

ශානිකා ලක්ෂානි 2019 වසරේදී පැවැති ආසියානු යොවුන් මලල කී‍්‍රඩා ශූරතාවලිය නියෝජනය කළ කී‍්‍රඩිකාවක් වේ.

ඉදිරියේදී පැවැත්වෙන 20න් පහළ ලෝක ශූරතාවලියේ මීටර් 800 සහ මීටර් 1500 ඉසව්ව නියෝජනය කිරීමේ සුදුසුකම් ලැබීම සඳහා ඇය මෙවර ජතික ශූරතාවලියේ තරග බිමට පිවිසියේය. කෙසේ වෙතත් එම අවස්ථාව ඇයගෙන් ගිලිහී ගියද වසර 35ක් පුරා බිඳ දැමීමට නොහැකි වූ කනිෂ්ඨ වාර්තාව බිඳ දැමීමට ශානිකා සමත් වීම කැපී පෙනුණි.

RECENT ARTICLES - SINHALA

අර්ජුනට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් අස්වෙන්න කියයි

0
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතාට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස...

කටුනායක ආරක්ෂාව තර කෙරේ – හේතුව මෙන්න

0
කටුනායක ගුවන් තොටුපොළේ ආචාරශීලි මෙන්ම සුහද බව කෙලෙසන සහ විවිධ අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට මෙතෙක් නියම කර තිබුණු රුපියල් 25000 දඩ මුදල ලක්ෂය...

රට හදන හැටි ජනපති කියයි

0
මෙරට සිසු පරපුර 2048 වන විට රට භාර ගැනීමට හැකිවන පරිදි නවීන තාක්ෂණයෙන් සියලු අංශ පිළිබඳව සන්නද්ධ විය යුතු බව ජනාධිපති රනිල්...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...