31.1 C
Colombo
Tuesday, June 24, 2025

ෂන්ටෝ නායකත්වය අත්හැරීමේ සූදානමක

- Advertisement -

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක ලෙසින් කටයුතු කරන නජ්මුල් හොසේන් ෂන්ටෝ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

පසුගිය වසරේදී නොවැම්බර් මාසයේදී බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත් වූ ෂන්ටෝ, පසුව එරට එක්දින හා විස්සයි20 කණ්ඩායමේද නායකයා ලෙසින් පත් කරනු ලැබුවා.

කෙසේ නමුත්, නායකත්වයට පත්වීමෙන් පසු ඔහුගේ පිතිකරණ දක්ෂතා කැපී පෙනෙන ලෙස ඉස්මතු නොවීම හේතුවෙන් ඔහු බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට දැනුම්දී ඇත්තේ මේ දිනවල පැවැත්වෙන දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියෙන් පසු තමන්ට නායකත්වයෙන් ඉවත්වීමට අවශ්‍ය බවයි.

දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය නොවැම්බර් මස 2වනදා අවසන්වීමෙන් පසු බංග්ලාදේශ කණ්ඩායම, ඇෆ්ගනිස්තානය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමගින් තරග වැඳීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත්, පසුගිය වසරේදී නවසීලන්තයට එරෙහිව ටෙස්ට් ජයක්, ඉකුත් අගෝස්තු මාසයේදී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයක් කරා බංග්ලාදේශය මෙහෙවීමට ෂන්ටෝට හැකිවී තිබුණා.

RECENT ARTICLES - SINHALA

නාරහේන්පිටට රාජ්‍ය ඔසුසලක්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) 65 වන රාජ්‍ය ඔසුසල - නාරාහේන්පිට ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සංකල්පයක් මත...

මැරිලා දවස් පහක් ගිය ලෙඩ්ඩුන්ටත් ඔපරේෂන් කරලා – අල්ලස් කොමිසම උසාවියට කියයි

අල්ලස් චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේශී විජේරත්න ඇතුළු සැකකරුවන් තුන්දෙනාගේ ඇප ඉල්ලීම් කොළඹ මහේස්ත්‍රත් අධිකරණය විසින්...

නවකවදය නවත්වන්න බලකායක්

නවකවදය ඇතුළු සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීම සඳහා කාර්ය සාධක බළකායක් පත් කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා විසින්...

POPULAR ARTICLES