ඔලිම්පික් ඉතිහාසයේ වසර 109කට පසු මලල ක්‍රීඩා ඉසව්වක රන් පදක්කම බෙදා ගැනීමට ක්‍රීඩකයින් දෙදෙනෙකු ඊයේ (01) තීරණය කළා.
ඒ ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පිරිමි උස පැනීමේ ඉසව්වේ අවසන් තරගයේදි වැඩිම උසක් සාර්ථක කරගන්නා ලද ක්‍රීඩකයින් දෙදෙනාම පනිනා ලද උස ප්‍රමාණය සමාන වීමත් සමගයි.
මෙලෙස රන් පදක්කම මෙදාගන්නා ලද ක්‍රීඩකයින් දෙදෙනාවන්නේ කටාර් රාජ්‍යයේ ක්‍රීඩක මුටාස් එසා බාර්ෂීම් සහ ඉතාලියේ ජියන්මාර්කෝ තම්බෙරී යන දෙදෙනායි.
මෙම තරගකරුවන් දෙදෙනාම අවසන් තරගයේදි මීටර් 2.19 සිට මීටර් 2.37 දක්වා වූ උස පැනීම් පළමු වාරයේදිම සාර්ථක කරගත් නමුත් මීටර් 2.39 ක උස තරණය කිරීම ඔවුන් දෙදෙනාටම අපහසු වුණා.
එහිදි තවත් උසක් පැන දක්ෂයා තෝරාගැනීමට අවස්ථාව තිබුනත් ඒ වන විට ඉතාලි ක්‍රීඩක තම්බෙරීගේ පාදයේ යම් ආබාධයක් හටගෙන තිබුණා.
රන් පදක්කම හිමිවන ක්‍රීඩකයා තේරිමට තවත් උසක් තරණය කරන්නේදැයි තරග විනිසුරු ඔවුන් දෙදෙනාගෙන් විමසු අවස්ථාවේදි කටාර් ක්‍රීඩක මුටාස් එසා විනිසුරුගෙන් විමසා සිටියේ ” අපිට රන් පදක්කම් දෙකක් ගන්න බැරිද?” යන්නයි.
එයට පිළිතුරු දෙමින් විනිසුරු පැවසුවේ ” ඔව් පුළුවන්. හැබැයි එයට ඔබ දෙදෙනාම එකග විය යුතුයි යන්නයි.
එහිදි මුටාස් එසා තම්බෙරී හට සුහදව අතට අතදෙමින් දෙදෙනා අතර රන් පදක්කම බෙදා ගැනීමට එකගත්වය පල කළ අතර තම්බෙරීද ඉහවහා ගිය සතුටකින් ඊට මනාපය පල කළා.
1912 දී පැවති ස්ටොක්හෝම් ඔලිම්පික් උළෙලට පසුව මලල ක්‍රීඩා ඉසව්වකදි රන් පදක්කමක් බෙදා ගත් පළමු අවස්ථාව මෙයයි.
බොහෝ දෙනෙක් ක්‍රීඩාව තුළ සිය පෞද්ගලික ජයග්‍රාහණය පමණක් බලාපොරොත්තු වන පසුබිමක මෙම සිදුවීම තුළ මනුෂ්‍යත්වය, සහෝදරත්වය සහ මිත්‍රත්වය පිළිඹිබුවන බවට මේ වන විට ලොව පුරා කතාබහට ලක්වෙමින් තිබෙනවා.


