ඔස්ට්‍රියාවේ ග්‍රාස් නගරයේ ද්විතීයික පාසලක සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් හත් දෙනෙකු ඇතුළු පුද්ගලයින් නව දෙනෙකු මිය ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මියගිය අය අතර සිසුන් හත් දෙනෙකු, වැඩිහිටියෙකු සහ සැකකාර තුවක්කුකරු ද සිටින බවයි.
සැකකාර තුවක්කරුද එම පාසලේම සිසුවෙක් බවද සඳහන් වෙනවා.
ඔස්ට්‍රියාවේ දෙවන විශාලතම නගරයේ පාසලක් තුළ එල්ල කළ මෙම වෙඩි තැබීම එරට වේලාවෙන් උදෑසන 10ට පමණ සිදුව තිබුණා.
වෙඩි තැබීමෙන් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර මේ වන විට පාසලට ආරක්ෂාව සලසා ඇති බව එරට පොලීසිය නිවේදනය කර ඇති බවද වාර්තා වෙනවා.