32 C
Colombo
Friday, March 31, 2023

පැය 24 ක් ඇතුළත වෙඩි තබා ඝාතනය කිරීම් 4 ක්

- Advertisement -

අද පෙරවරු 06 න් අවසන් වූ පැය 24 තුළ වාර්තා වූ වෙඩි තැබීම්වලින් තුවාල ලැබූ පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අනුව රත්මලාන – සිල්වා මාවතේ පිහිටි නිවසක ඊයේ (27) රාත්‍රියේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලීසිය පවසනවා.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ නිවසට නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු ඇතුළු වී ඔහුට වෙඩි තබා ඇති අතර පසුව ඔවුන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

රත්මලාන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි මෙම පුද්ගලයා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

ඝාතනය සඳහාT56 ගිනි අවියක් භාවිත කර ඇති අතර ඝාතනයට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය සඳහන් කරනවා.

මේ අතර ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරිපිට ඊයේ (27) සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලබා සිටි පාතාල කල්ලි නායක සමන් රෝහිත හෙවත් ‘පස් පොඩ්ඩා’ මියගොස් තිබෙනවා.

නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයට පැමිණ සිටි පස් පොඩ්ඩා ඇතුළු තිදෙනෙකුට වාහනයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් වෙඩි තබා පළා ගොස් ඇති බව පොලීසිය සදහන් කරනවා.

මීට අමතරව අම්බලන්ගොඩ – ගලගොඩ ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකදී ඊයේ පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු එම ස්ථානයේම මියගොස් සිටි අතර අනෙක් පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

පසුව ඔහු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වූ බවයි වාර්තා වන්නේ.


RECENT ARTICLES - SINHALA

අධිවේගී බස් ගාස්තු පහළට

ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව අධිවේගී බස් ගාස්තු ද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, අදාළ ගාස්තු අද (මාර්තු 31)...

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...