25.6 C
Colombo
Saturday, July 19, 2025

කොස්ගම වෙඩිතැබීමක්;දැරියකට තුවාල

- Advertisement -

කොස්ගම, සුදුවැල්ල ප්‍රදේශයේ අද (06) අලුයම සිදුකළ වෙඩිතැබීමකින් කුඩා දැරියක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඔවුන් තිදෙනා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටිය දී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලීසිය පැවසුවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි මව, 12 හැවිරිදි දියණිය සහ තවත් 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කළා.

තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වෙඩි තැබීමට හේතුව හා සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොස්ගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

රුවන්වැල්ලේ ගමනාගමනය සීමා කෙරේ: රියදුරන්ට නිවේදනයක්

සීතාවකපුර කොට්ඨාසයේ රුවන්වැල්ල පොලිස් වසමේ පිහිටි යටන්වල ස්වර්ණ වලුකාරම විහාරස්ථානයේ ඇසළ මහා පෙරහර හේතුවෙන්  අද (19) එම ප්‍රදේශයේ රථ වාහන ගමනාගමනය සීමා කර තිබෙනවා. අද...

අද වැසි තත්ත්වය ගැන දැනුම් දීමක්

අද (19) බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බවත්,  සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්...

සබරගමුව නවකවද සිද්ධිය: උපකුලපති වෙනුවෙන් නීතිපති නැහැ

සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ සිසුවකු නවක වදයට ලක්වීම හේතුවෙන් සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළව විමර්ශනයක් කර සිද්ධියට සම්බන්ධ සිසුන්ට එරෙහිව සුදුසු පියවර...

POPULAR ARTICLES