25 C
Colombo
Friday, January 17, 2025

පොලිස් කොස්තාපල්වරුන්ගේ හා වරියන්ගේ හිඟයක්

- Advertisement -

ශ්‍රී ලංකා පොලීසියේ පිරිමි හා කාන්තා පොලිස් කොස්තාපල් තනතුරු අනුමත ප්‍රමාණයට වඩා 50% කට ආසන්න ප්‍රමාණයක් පුරප්පාඩුව තිබෙන බව ජාතික විගණන මහලේකම් කාර්යාලය සිදුකරන ලද විගණන පරීක්ෂණයකදී තහවුරු වී තිබෙනවා.

පිරිමි පොලිස් කොස්තාපල් තනතුරු 60,000 ක් සහ කාන්තා පොලිස් කොස්තාපල් තනතුරු 10,000 ක් පොලිස් දෙපාර්තමේන්තුව සදහා අනුමත වි ඇතත් 2023 වර්ෂය වන විට සිටියේ පිරිමි පොලිස් කොස්තාපල්වරුන් 30,909 ක් හා කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 5,980 ක් පමණක් බවද විගණන වාර්තාව මගින් පෙන්වා දෙනවා.

මේ අනුව පිරිමි පොලිස් කොස්තාපල්වරුන් 29,091 ක් හා කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 4,020 ක පුරප්පාඩු තිබෙන බවද විගණන මහ ලේකම් කාර්යාලය මගින් ඉදිරිපත් කරන ලද විගණන වාර්තාවේ සදහන්.

අනුමත සංඛ්‍යාව නොසලකා 2019 සහ 2020 වර්ෂවල උසස් වීම් සදහා අනුමැතිය ලබාදීම හේතුවෙන් පිරිමි පොලිස් සැරයන් 10,900 ක හා කාන්තා පොලිස් සැරයන් 645 ක අතිරික්තයක් සිටින බවද අදාල විගණන වාර්තාවේ සදහන් කර තිබෙනවා.

2018 අංක 19 දරණ ජාතික විගණන පනත සහ 1971 අංක 38 දරණ මුදල් පනත අනුව 2023 වර්ෂය දක්වා ශ්‍රී ලංකා පොලීසියේ කටයුතු සම්බන්ධයෙන් ජාතික විගණන මහ ලේකම් කාර්යාලය සිදු කරන ලද විගණනයට අදාල විගණන මූල්‍ය ප්‍රකාශනයේ මේ බව සදහන් වනවා.

ප්‍රභූ ආරක්ෂාව සැලසීමට අදාල පොලිස්පති වරයාගේ 2020 සැප්තැම්බර් 30 දිනැති 2687/2020 චක්‍රලේඛනයට පටහැනිව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රභූ ආරක්ෂාව සදහා නිලධාරීන් අනුයුක්ත කිරීමේ කමිටුව මගින් 2023 වර්ෂය තුල අදාල නිලයේ නොමැති හා වෙනත් අය සදහාද ප්‍රභූ ආරක්ෂාව සලසා තිබූ බවද අදාල විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.

ප්‍රභූ ආරක්ෂාව සැලසිය හැකි පුද්ගලයින්ට අනුමත සීමාව ඉක්මවා වසර ගණනාවක් ප්‍රභූ ආරක්ෂකයින් අඛණ්ඩව අනුයුක්ත කර තිබූ බවත් ඒ වෙනුවෙන් වූ නෛතික ප්‍රතිපාදන විගණනයේදී අනාවරණය නොවූ බවත් විගණන වාර්තාවේ සදහන්.

ප්‍රභූ ආරක්ෂක කොට්ඨාශය යටතේ ඇති පොලිස් කොට්ඨාශ 09 ක් සදහා 2022 ජනවාරි 01 දිනට අනුයුක්ත කර සිටි 3884 ක් වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 2023 ජනවාරි 01 දිනට 4859 ක් දක්වා වැඩිකර තිබූ බවත් ඒ නිසාම ප්‍රභූ ආරක්ෂක කොට්ඨාශයේ 2018 – 2022 දක්වා රුපියල් මිලියන 4342 ක් වූ සාමාන්‍ය වාර්ෂික වියදම 2023 වර්ෂයේදී රුපියල් මිලියන 5833 ක් දක්වා වැඩි වී තිබුණ බවත් විගණන වාර්තාවේ සදහන් කරනවා.

මෙම මුදල් ප්‍රමාණය 2022 ට සාපේක්ෂව 2023 දී රුපියල් මිලියන 1,491/- ක වර්ධනයක් බවත් 50% කට ආසන්න පොලිස් නිලධාරී හිගයක් පවතිද්දී ප්‍රභූ ආරක්ෂාව වෙනුවෙන් අනවශ්‍ය නිලධාරීන් ප්‍රමාණයක් අනුයුක්ත කර නාස්තිකාර වැය බරක් දැරීම ජාතික අපරාධයක් බවත් පොලිස් දෙපාර්තමේන්තුව පවසනවා.

1865 අංක 16 දරණ පොලිස් ආඥා පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය අනුව 2014 දී සංශෝධය කල යුතු කේෂේත්‍ර 16 ක් හදුනාගෙන තිබූ බවත් ඒ සදහා 2014 නොවැම්බර් 19 දින කැබිනට් අනුමැතිය ලබා දී තිබෙන බවත් අදාල විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.

වසර 149 ක් පැරණි පොලිස් ආඥා පනත වර්තමාන හා අනාගත සමාජීය හා තාක්ෂණික සංවර්ධන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කර සංශෝධය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබුණද 2024 අප්‍රේල් මාසය වන විටත් පනත සංශෝධය නොවී තිබුණ බවද විගණන වාර්තාවේ වැඩිදුරටත් සදහන් කරනවා.

ශ්‍රී ලංකා පොලීසියේ බොහෝ කඩාවැටීම් වලට සේවක හිඟය මෙන්ම පැරණි නීතිරීතිද හරස් වි තිබෙන බව පොලිස් නිලධාරීන් පවසනවා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...