33 C
Colombo
Thursday, April 18, 2024

විදෙස් සංචාර නිසා රාජ්‍ය මුදල් අවභාවිතා වෙනවානම් පෙන්වා දෙන්න – ඩලස්

- Advertisement -

ජනපතිගේ සහ අගමැතිගේ විදෙස් සංචාර හරහා අනවශ්‍ය ආකාරයට රාජ්‍ය මුදල් අවභාවිත වෙනවානම් පෙන්වා දෙන ලෙස සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අභියෝග කර සිටිනවා.

අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ අගමැතිවරයා ඉතාලි සංචාරයට එක්වූයේ විදේශ සංවිධානයක ඉල්ලීමට බවයි.

එමෙන්ම, ජනපතිගේ එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතීමේ ඇමරිකානු සංචාරයටද එක්වන්නේ අවම පිරිසක් බවත් ඔහු පෙන්වා දෙනවා.

මෙවැනි අවස්ථාවක ආර්ථිකය මැනවින් කළමණාකරණය කර රටට බරක් ඇතිනොවන ආකාරයට විදෙස් සංචාර වල නිරත වීම කාගෙත් වගකීමක් බවත් පසුගිය වසර එක හමාරක කාලය තුළ කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙකු හෝ විදේශ ගත වී නොමැති බවත් සියළුම සාකච්ඡා නූතන තාක්ෂණය ඔස්සේ සිදුකර ඇති බවත් ඔහු පවසනවා.

එබැවින් මෙම සංචාර හරහා රටක් ලෙස අවාසියක් නොමැති බවත් ඔහු අවධාරණය කර සිටිනවා.


RECENT ARTICLES - SINHALA

පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වුවන් සිහි කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්

පාස්තු දින ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් සම්පූර්ණ වන අවස්ථාවේදී එම විනාශකාරී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීමට ලබන ඉරිදා (21) පෙරවරු 8.45 ට...

පරිසරයට හානි කරනවානම් මේ අංකයට කියන්න

පාරිසරික වැරදි සම්බන්ධව යම් තොරතුරක් වෙතොත් 1997 හෝ 1981 යන කෙටි දුරකථන අංක ඔස්සේ දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පරිසරය විනාශ කිරීම් සම්බන්ධව...

අවුරුදු ගීතය නිසා සුරාබදු නියාමකගේ වැඩ තහනම්

ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතාගේ අවුරුදු ගීතයක් විකෘති කළ බවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ සුරාබදු නියාමකවරයාගේ වැඩ තහනම් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ (17)...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...