ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ සැමරුම වෙනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශය සම්පාදනය කළ “අභියෝග මැද සෞභාග්‍යයේ දෙවසර” ග්‍රන්ථය , එහි දමිළ හා ඉංග්‍රීසි භාෂා ග්‍රන්ථ, විශේෂ රූපවාහිනී වැඩසටහනේ ඩී.වී.ඩී පටය සහ Signature of THE EXECUTIVE සඟරාවේ පළමු ප්‍රකාශය ජනාධිපතිතුමා වෙත ප්‍රදානය කිරීම අනුරාධපුර ජනාධිපති මන්දිරයේදී ඊයේ (19) දින සිදුවිය.
ඒ, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සුදේව හෙට්ටිආරච්චි මහතාගේ මූලිකත්වයෙන්.
මෙම අවස්ථාවට ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා , මාධ්‍ය ප්‍රකාශක කින්ස්ලි රත්නායක ඇතුළු ජනාධිපති මාධ්‍ය අංශයේ මාණ්ඩලික නිලධාරීන් එක්ව සිටියහ.