24 C
Colombo
Thursday, February 13, 2025

වාහන බදු තවත් ඉහළ යන ලකුණු?

- Advertisement -

මේ වන විට වාහන මත පැනවෙන 300%ක පමණ ආනයන බදු 400% හෝ 500%ය ඉක්මවා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පැවසුවේ, එලෙස වාහන මිල ගණන්වල වැඩිවීම කෙරෙහි වැට් ඇතුළු තවත් බදු වර්ග තුනක් ද බලපා ඇති බවයි.

“වාහනයේ වටිනාකම මත විශේෂ ආනයන බද්දක් පවතිනවා. ඊට අමතරව සු‍ඛෝපභෝගී බද්ද පවතිනවා, මේ තුනම එකතු කරලා  CIF වටිනාකමත් එකතුකරලා ඒකට උඩින් 18%ක වැට් එකතු වෙනවා. බදු වර්ග 04කින් තමයි වාහනයක බදු ප්‍රමාණය තීරණ වෙන්නේ.” 

ප්‍රශ්නය – පවතින මිලට වඩා ප්‍රතිශතයක් ලෙස කොපමණ මිල වැඩිවෙයිද?

බදු ප්‍රමාණය 400%ත්, 500%ත් දක්වා වඩිවිය හැකියි. සමහර වාහන සඳහා 600% දක්වා වැඩිවෙන්න ඉඩ තියෙනවා.  

ප්‍රශ්නය – මේ හා සමානව වෙළෙඳපොළේ වාහන මිලත් ඉහළ යයිද?

පවතින වාහන වෙළෙඳපොළට වඩා මිල සුළු වශයෙන් ඉහළ යයි.

ප්‍රශ්නය – ජනතාවට බලාපොරොත්තුවක් තබාගන්න බැරිද වාහන මිලදී ගැනීම ගැන ?

ජනතාවට කියන්නේ කලබල වෙන්න එපා. වාහන ලංකාවට එනතුරු ඉන්න.

මෙරට ආර්ථිකය දරුණු කඩාවැටීමකට මුලපිරූ 2020 වසරේ මුල් භාගයේ සිට මෝටර් වාහන ඇතුළුව අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තාවකාලිකව අත්හිටුවීමට හා සීමා පැනවීමට බලධාරීන් පියවර ගත්තා.

2024 සැප්තැම්බර් මස 12 වැනිදා පැවති ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුව සංයෝජිත වර්ගීකරණ සංඛේතාංක හෙවත් HS Codes 304ක් යටතේ මෝටර් වාහන සහ අනෙකුත් මෝටර් එන්ජින් භාවිත නොවන රෝද සහිත අයිතම ආනයනය සඳහා අදියර තුනක් යටතේ අවසර හිමිවුණා.

ඒ, මේ වසරේ පෙබරවාරි මාසයේ සිට බලපැවැත්වෙන පරිදියි.

මෙවන් පසුබිමක මෝටර් වාහන ආනයනයේදී නව බදු සංශෝධන ඇතුළත් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය ඊයේ සිට බල පැවැත්වෙනවා.

එමගින්, ඉන්ධන මගින් ක්‍රියාත්මක මෝටර් රථ මෙන්ම විදුලියෙන් ක්‍රියාත්මක මෝටර් රථ ආනයනයේදී පැනවෙන නිෂ්පාදන බදු සිලින්ඩර ධාරිතාව සහ වාහනයේ ආයු කාලය පදනම් කරගනිමින් ඉහළ නංවා තිබෙනවා.

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පැවසුවේ, වැගන් ආර් වර්ගයේ රථයක පැවති රුපියල් ලක්ෂ 16ක පමණ වූ බද්ද නව සංශෝධනයෙන් රුපියල් ලක්ෂ 18 ඉක්මවා යා හැකි බවයි.

එමෙන්ම, විට්ස් වර්ගයේ මෝටර් රථයක් ආනයනයේදී පැවති රුපියල් ලක්ෂ 20ක පමණ බද්ද රුපියල් ලක්ෂ විසිහතරහමාර පමණ දක්වා ඉහළ යා හැකියාව තිබෙනවා.

ටොයොටා ඇක්වා, කොරොලා, ඇක්සියෝ වර්ගවල මෝටර් රථවල මෙතෙක් පැවති රුපියල් ලක්ෂ 57ක බදු, රුපියල් ලක්ෂ 66ක් පමණ දක්වා ඉහළ යන බව ද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
 

RECENT ARTICLES - SINHALA

ජනපතිගෙන් ලෝක නායකයින්ට ආරාධනයක්

දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළු අමතමින් පවසා සිටියා...

ජනපති දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

දිවයින පුරා පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක්...

POPULAR ARTICLES

ජනපතිගෙන් ලෝක නායකයින්ට ආරාධනයක්

දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළු අමතමින් පවසා සිටියා...

විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

දිවයින පුරා පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක්...

ජනපති දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.