25 C
Colombo
Thursday, October 10, 2024

වැස්ස වැඩි වෙන ලකුණු

- Advertisement -

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද (09) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

ඉන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.

මීට අමතරව ඌව පළාතෙත්, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට, මොණරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද පෙන්වා දෙනවා.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රීලංකන් ගුවන් යානයක කාර්මික දෝෂයක්

ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් UL 265 දරන ගුවන්යානය කොළඹ සිට රියාද් බලා පියාසර කරමින් තිබියදී ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් නැවත කටුනායක ගුවන්තොටුපොළට පැමිණි...

ප්‍රහාරක සබ්මැරීන දෙකක් නිෂ්පාදනය කිරීමට ඉන්දියාව සුදානම්

න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රහාරක සබ්මැරීන දෙකක් නිෂ්පාදනය කිරීමට ඉන්දියාව සූදානම් වනවා. ඒ සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල ඩොලර් බිලියන 5 යි දශම 4 ක්...

අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස එම්.ආර්.වයි.කේ.උඩවෙල පත් කර තිබෙනවා. හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු ඩබ්.කේ.ඩී.විජේරත්න පසුගිය 07 වැනිදා සිය...

POPULAR ARTICLES

අනුර අතඇරලා ගිය කමල්

ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා මෙවර මහමැතිවරණයට දෙවන පරපුර පක්ෂය යටතේ තරග කිරීමට නියමිතයි. දෙවන පරපුර පක්ෂය අද (09) තලවතුගොඩ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ...

ශානි අබේසේකරට නව රජයෙන් වගකීමක්

0
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ශානී අබේසේකර මහතාට වගකීමක් භාර දීමට නව රජය තීරණය කර තිබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය, විජිත හේරත් මහතා...

හරිනිගෙයි විජිතගෙයි මූණු දාලා මුද්දර ගහලා

150 වන ලෝක තැපැල් දින සැමරුම් උත්සවය අද (09) අරලියගහ මන්දිරයේ දී පැවැත් වුණා. මේ සඳහා අගමැතිනි හරිනි අමරසූරිය මෙන්ම අමාත්‍ය විජිත හේරත් මහතාද එක්ව...