27.8 C
Colombo
Monday, December 2, 2024

මැතිසබයේ කමිටු රොත්තක් අහෝසි වන ලකුණු

- Advertisement -

පසුගිය රජය සමයේදී හිතුමතේ පත් කර ඇතැයි පැවසෙන පාර්ලිමේන්තුවේ කමිටු රැසක් අහෝසි කිරීමට හෝ වෙනස් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙන බවට ලංකාදීප පුවත්පත වාර්තා කරනවා.

මෙලෙස හිතුමතේ ප්‍රදර්ශනාත්මක අරමුණින් කමිටු පත් කිරීම හේතුවෙන් විශාල මුදලක් නාස්තිවී ඇතැයි රජයට පෙනී යාමෙන් පසු මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ.

පාර්ලිමේන්තු කමිටු විධිමත් ලෙස පත්කිරීම සම්බන්ධයෙන් කරුණු සමාලෝචනය කර ඊට අදාළ යෝජනා ජනවාරි 31 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අදාළ නිලධාරීන්ට දැනටමත් නියෝග කර තිබෙනවා.

මේ අනුව විශේෂයෙන්ම ආංශික අධීක්ෂණ කාරක සභා සහ පාර්ලිමේන්තු සංසද පිහිටුවීමේ ක්‍රමවේදය ඉතා කඩිනමින් වෙනස් කෙරෙනු ඇති.

එකම සහ සමාන විෂයන් වෙනුවෙන් ආංශික අධීක්ෂණ කාරක සභා කිහිපයක්ම පත්කර ඇති හෙයින් සමාන විෂයන් එකම කාරක සභාවක් යටතට පත් කිරීමට අවධානය යොමුව ඇති බව රජයේ ප්‍රකාශකයෙක් පවසා තිබෙනවා.

විශේෂයෙන්ම ආර්ථිකයේ විවිධ අංශවලට අදාළව ආංශික අධීක්ෂණ කාරක සභා කිහිපයක්ම පසුගිය කාලයේදී පත් කෙරුණු බවත් මේවා එකම කාරක සභාවක් යටතට ගැනීමට හැකියාව ඇති බවත් ඔහු සඳහන් කළ බව සඳහන් වනවා.

පසුගිය අරගල සමයෙන් පසු යම් යම් අය පිනවීම සඳහා සමහර අංශික අධීක්ෂණ කාරක සභා කඩිමුඩියේ පත්කර ඇති බව පෙනී ගොස් ඇතැයිද එම ප්‍රකාශකයා පවසා තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තු කමිටුවල නිර්දේශ නොපමාව ක්‍රියාත්මක කිරීමට බලය ලැබෙන යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීමටද රජයේ අවධානය යොමු වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වට්ස්ඇප් ගිණුමක් තියනවද?මේ ගැනත් සැළකිලිමත් වන්න

වර්ථමානයේ වට්ස්ඇප් ජාලය හරහා විවිධ අකටයුතුකම් සිදුව ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පවසනවා. ඔහු පැවසුවේ...

චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනපතිට

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීමට පත්කළ කේ. ටී. චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

ජොනී හිඟ සුරා බදු ගෙවලා

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් මත්පැන් සමාගම් දෙකේ හිඟ සුරාබදු ගෙවීමට පියවර ගෙන තිබෙනවා. හිඟ සුරාබදු නොවැම්බර් 30 වැනිදාට පෙර ගෙවන ලෙසට...

POPULAR ARTICLES