27 C
Colombo
Saturday, May 24, 2025

ට්‍රම්ප් චීනෙට හිස නමන ලකුණු

- Advertisement -

චීනය සමග පවතින වෙළෙඳ යුද්ධය සම්බන්ධයෙන් එකඟතාවකට එළැඹීම පිළිබඳව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි පළකර තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ චීන ආනයන මත පනවන බදු ඉහළ නැංවීමට කටයුතු නොකරන බවයි.

මේ අතර එරට ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු ට්‍රම්ප්ගෙන් කළ ප්‍රශ්න කිරීමක් පිළිබඳවද විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණා.

එහිදී මාධ්‍යවේදියා “ජනාධිපති ෂී ජින්පින් ඔබ සමග සෘජුව කතා කළා ද?” යනුවෙන් විමසා සිටි අවස්ථාවේදී ඊට පිළිතුරු ලෙස ජනාධිපති ට්‍රම්ප් “එය එතරම් වැදගත් නැහැ. අපි චීනය සමග එකඟතාවකට එළැඹෙන බව මම විශ්වාස කරනවා” යනුවෙන් පවසා තිබෙනවා.

අමෙරිකාව විසින් පසුගියදා චීන ආනයන මත පැනවු තීරු බද්ද 104%කින්ද පසුව 145%ක් ලෙස ඉහළ දමනු ලැබුවාට පසු අමෙරිකානු භාණ්ඩ සඳහා චීනය පනවා තිබූ තීරු බද්ද අද 125% දක්වා ඉහළ දමනු ලැබුවා.

පසුව අමෙරිකාව විසින් නැවතත් චීන භාණ්ඩ සඳහා පැන වූ සමස්ත තීරුබදු ප්‍රතිශතය 245%ක් ලෙස මේ වන විට ඉහළ දමා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ලංගම බස් රථයක් ටිපරයක ගැටී මාරක අනතුරක්

කොළඹ - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැලිආර ප්‍රදේශයේදී අද (24) අලුයම 2.45ට පමණ සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා . මෙසේ අනතුරට ලක්ව ඇත්තේ, මඩකලපුවේ සිට...

අද වැසි වැටෙන ප්‍රදේශ

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ...

බස් රථයක් පෙරළී අනතුරක්: 21ක් රෝහලේ

නුවරඑළිය - මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඊයේ (23) රාත්‍රියේ...

POPULAR ARTICLES

රත්තරන් තුවක්කුවේ සිද්ධිය: දුමින්ද අද අධිකරණයට

මේ වන ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ රදවාගෙන ප්‍රශ්න කරමින් පසුවන හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අද (24) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හැව්ලොක් සිටි සුපිරි නිවාස...