30.3 C
Colombo
Thursday, April 25, 2024

1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට වසර 25 යි. ක්‍රීඩකයින්ට අද පදක්කම්.

- Advertisement -

1996 මාර්තු 17 වන දින ඕස්ට්‍රේලියාවට එරෙහිව පාකිස්තානයේ ලාහෝර් හි ගඩාෆි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති අවසාන තරගයේ ඓතිහාසික ජයග්‍රහණයේ 25 වන සංවත්සරය නිමිත්තෙන් අද දින උත්සවයක් සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව 1996 ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ඔවුන්ගේ පදක්කම් අද අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලැබෙනු ඇති.

මෙම පදක්කම් එකල ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ප්‍රදානය කිරීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරටට එවා ඇති නමුත් ඒවා පසුගිය වසර 25 ක කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තබා තිබුණද ලෝක කුසලාන කණ්ඩායමේ ක්‍රීඩකයන් හට ලබාදීමට කටයුතු නොකර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙක මව්බිම පුවත්පතට පවසා ඇත.

1996 ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණය යනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙතෙක් ලබා ඇති ඉහළම ජයග්‍රහණය ලෙස සැලකෙනවා.

ක්‍රිකට් උණුසම මෙන්ම ක්‍රීඩකයන්ගේ දක්ෂතා උපරිම මට්ටමින් පැවති එකල තරුණ තරුණියන් හට දැඩි ක්‍රිකට් උන්මාදයක් පැවතුණා.

ඉඩක් ලැබෙන සෑම මොහොතකම පිට්ටනිවල පමණක් නොව අතුරුමාර්ගවල පවා දරුවන් ක්‍රිකට් ක්‍රීඩා කරනු ලැබීම එකල සුලබ දසුනක් වුණා.

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ නම් තබා ගනිමින් ඔවුන් උදෑසන පටන් රාත්‍රිය වන තුරු දැඩි ආශාවෙන් ක්‍රිකට් ක්‍රීඩාකල කාලයක් මීට පෙර දශකයේ මෙරට තිබුණා.

එහෙත් මේ වන විට මෙරට ක්‍රිකට් ක්‍රීඩාව අභාවයට ගොස් ඇති අතර ජාතික කණ්ඩායමේ සිටින්නේ කුමන ක්‍රිඩකයන්දැයි නොදන්නා තරමටම එය පිරිහී තිබෙනවා.

1996 ලෝක කුසලානයේ අවසන් තරඟයේ විශේෂ අවස්ථා පහතින්,

RECENT ARTICLES - SINHALA

සජිත් සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් අතර හමුවක්

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ දෙපාරතමේන්තුවේ ප්‍රධානීන් පිරිසක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමග ජන සන්ධානයේ නියෝජිතයන් අතර, හමුවක් අද (25) පස්වරුවේ විපක්ෂ...

පඩි සහිතව සම්බන්ධන්ට නිවාඩු දීලා

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද (25) අවසර ලබාදි තිබෙනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල...

රන් මිලේ වෙනසක්

මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා. ඒ අනුව, අද (25) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන්...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...