27 C
Colombo
Saturday, April 20, 2024

SINGER නවීනතම TCL ස්මාර්ට්ෆොන් සහ ටැබ් හඳුන්වා දෙයි

- Advertisement -

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම  පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපාංග අලෙවිකරු වන SINGER (Sri Lanka) PLC, ලොව ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන TCL විසින් ශ්‍රී ලාංකේය වෙළෙඳපොළ සඳහා නවීනතම ස්මාර්ට්ෆෝන් සහ ටැබ් අලෙවි කිරීමේ බලයලත් නිල බෙදාහරින්නා වශයෙන් නම් කර තිබේ. TCL යනු ගෝලීය වශයෙන් පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ වෙළඳපොළේ ප්‍රමුඛතම සන්නාමයකි.

ඒ අනුව,TCL හි මෙරට බලයලත් නිල බෙදාහරින්නා වශයෙන් SINGER සමාගම විසින් TCL 20 Pro 5G, TCL 20Y, TCL 20SE සහ TCL 20L+ වැනි TCL ජංගම උපාංග මෙරට පාරිභෝගිකයන් වෙත පිරිනැමීම සිදු කරනු ලබයි. එය මෙරට TCL පරිශීලකයින්ට ප්‍රමුඛ පෙළේ තාක්‍ෂණය සහ උසස් තත්ත්වයේ  ජංගම උපාංග අත්දැකීමක් ලබා දෙනු ඇත.

මීට සමගාමීව, පසුගියදා පැවති හඳුන්වාදීමේ උත්සවයේදී TCL ජංගම දුරකථන මාදිලි දහයක් සහ ටැබ් මාදිලි හතරක් මෙරට වෙළෙඳපොළට හඳුන්වාදීම සිදු විණ.

හඳුන්වාදෙන ලද නව TCL  ජංගම දුරකථන මාදිලි තුළ පවතින සුවිශේෂිතම අංගය වනුයේ NXTVISION නම් වූ විශිෂ්ඨ Display තාක්ෂණයයි. මෙම විශේෂාංගය හරහා ඩිජිටල් තිර දිගු වේලාවක් නැරඹීමේදී ඇති විය හැකි ඇස්වල වේදනාව සහ නිල් ආලෝකය අවම කරමින් ඉහළ මට්ටමේ අක්ෂි ආරක්ෂාවක් ලබා දෙන අතරම එය පාරිභෝගිකයා වෙත සුපැහැදිලි වර්ණ සහ අද්විතීය දෘශ්‍ය අත්දැකීමක් ලබා දීමට හේතු වේ.

TCL හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දැක්වූ SINGER (Sri Lanka) PLC හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා පැවසුවේ, “ලෝක ප්‍රකට සන්නාමයක් වන TCL හි ජංගම දුරකථන සහ ටැබ් අපගේ ප්‍රමුඛ නිෂ්පාදන පෙළට ඇතුළත් කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා.  එමෙන්ම, දශකයකට වැඩි කාලයක් SINGER, TCL TV මාදිලි සඳහාද දේශීය බලයලත් නිල බෙදාහරින්නා වශයෙන් කටයුතු කර තිබේ. TCL ජංගම දුරකථන සහ ටැබ් අළෙවි කටයුතු සඳහා ද මෙලෙස ලෙස ඇතිකරගත් හවුල්කාරීත්වය පාරිභෝගික සැමට නව්‍ය සහ විශේෂාංගවලින් පොහොසත් අත්දැකීම් ලබා දීමේ අපගේ ඉලක්කය සපුරා ගැනීමට උපකාරී වනු ඇත. අධිවේගී අන්තර්ජාල පහසුකම් අපේක්ෂා කරන වර්ථමාන පාරිභෝගිකයින් වැඩි වශයෙන් අන්තර්ජාලය සමඟ කාර්යබහුල වීමේ ප්‍රවණතාවය හරහා ඔවුන්ගේ තෝරා ගැනීම් නවමු මාවතකට ප්‍රවිෂ්ඨ වී ඇති බව අපට පෙනී යන අතර, TCL ජංගම දුරකතන මාදිලි පෙළ එළිදැක්වීම පැහැදිලිවම එම පාරිභෝගික අවශ්‍යතාවය ආමන්ත්‍රණය කරයි’’ යනුවෙනි.

මෙලෙස එළිදක්වන ලද TCL ජංගම උපාංග, 1800කට ආසන්න දීප ව්‍යාප්ත SINGER අලෙවි නියෝජිත  ජාලය හරහා මෙන්ම  432කට අසන්න SINGER Mega සහ SINGER ප්‍රදර්ශනාගාර මෙන්ම SINGER ඊ-වානිජ (e-commerce) වේදිකාව හරහා ද මිලදී ගැනීමට හැකියාව පවතී.

මෙම නව මාදිලි සමූහය එළිදැක්වීම පිළිබඳව අදහස් දක්වමින් TCL හි ආසියා පැසිෆික් කලාපයේ විකුණුම් අධ්‍යක්ෂ ඊසන් යැන්ග්  මහතා ප්‍රකාශ කළේ, “අපගේ නවීනතම ජංගම උපාංග හඳුන්වාදීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික උපාංග අලෙවිකරු වන SINGER (Sri Lanka) PLC පත් කිරීමට ලැබීම පිළිබඳව බෙහෙවින් සතුටු වෙනවා. එහි නවීන තාක්‍ෂණය සහ විශිෂ්ඨ නව විශේෂාංග සමඟින්,  පාරිභෝගිකයින් උසස්  සන්නාමයකින් අපේක්ෂා කරන සියලුම විශේෂාංග ලබා දීමට හැකි වනවා. තවද, SINGER සමඟ ඇති අපගේ සුවිශේෂී හවුල්කාරීත්වය තුළින් දිවයින පුරා සිටින පාරිභෝගිකයන් වෙත ළඟා වීමේ අපගේ ඉලක්කය සපුරා ගත හැකි බව අපි තරයේ විශ්වාස කරනවා .” යනුවෙනි.

RECENT ARTICLES - SINHALA

සර්වෝදය නිර්මාතෘ ඒ.ටී. ආරියරත්නගේ අවසන් කටයුතු අද

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී ආරියරත්නගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද (20) සිදුකිරීමට නියමිතයි. පසුගිය අඟහරුවාදා අභාවප්‍රාප්ත වන විට ඔහු...

හමුදාව හැරගිය අයට අද සිට පොදු සමා කාලයක්

ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ දීර්ඝ කාලීනව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයන් හට අද (20) සිට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා....

පෑලියගොඩ මාළු මිල ඉහළට

0
අද (20) දිනයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු කිලෝවක තොග මිල පසුගිය දින කිහිපයට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, මාළු කිලෝවක මිල මෙලෙස සටහන්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...