ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සංශෝධනයට අනුකූලව සිනොපෙක් සමාගමද අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිලයන්හි වෙනසක් සිදු කර තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 371.00ක්.
සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 06කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 313.00ක්.
එමෙන්ම 280ක් ලෙස පැවති ඔටෝ ඩීසල් ලීටරය මිල රුපියල් 3 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල 283.00ක්.
රුපියල් 311.00 ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල වෙනසක් සිදුව නැහැ.