සිරස FM ගුවන්විදුලි නිවේදිකාවක් ලෙස හා News 1 st ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස කටයුතු කළ පුණ්‍යා ක්‍රිෂාන්ති අමරසිංහ මහත්මිය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂවරියක් ලෙස පත්කර තිබෙනවා.
ඒ අනුව ඊයේ (25) දිනයේ සිට ඇය නව තනතුරේ වැඩභාරගෙන ගත් බවයි වාර්තා වන්නේ.
පුවක්දණ්ඩාව ධම්මපාල බාලිකා විද්‍යාලය, හම්බන්තොට – වීරකැටිය රාජපක්ෂ විද්‍යාලය හා කැළණි සරසවියෙන් ඇය අධ්‍යාපනය හඳාරා තිබෙනවා.
මීට පෙර සිරස ආයතනයේ කිංස්ලි රත්නායක මහතාව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසත් වාසනා ලක්මාලි මහත්මිය ජනාධිපති මාධ්‍ය අංශයටත් පත්කර තිබුණා.

