27 C
Colombo
Saturday, May 24, 2025

“සිරි දළදා වන්දනාව” ඇරයුම්පත බොරු-ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

- Advertisement -

ශ්‍රී දළඳා වන්දනාවට අදාලව නිකුත් කළ විශේෂ ආරාධනාවක් යනුවෙන් සමාජ මාධ්‍යවල හුවමාරු වන්නේ ව්‍යාජ ලෙස සකස් කරන ලද ආකෘතියක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ “සිරි දළදා වන්දනාව” වෙනුවෙන් ලෙස සඳහන් කරමින් විශේෂ ආරාධනා පත්‍රයක් කිසිවෙකුටත් නිකුත් කර නොමැති බවයි.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ නමින් ව්‍යාජ ලෙස නිර්මාණය කර ඇති මෙම ආරාධනා පත්‍රය රැගෙන “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගි වීම සඳහා මහනුවර ජනාධිපති මන්දිරය වෙත පැමිණෙන ලෙස එහි සඳහන් කර තිබෙනවා.

තවද මෙම ව්‍යාජ ලියවිල්ල පදනම් කරගනිමින් සිරි දළදා වන්දනාව සඳහා විශේෂ (VIP) පෝලිමක් සකස් කර ඇති බවටත් සමාජ මාධ්‍ය තුළ ව්‍යාජ පුවත් සංසරණය වන අතර ඒවායේ ද කිසිදු සත්‍යතාවක් නොමැති බව එම නිවේදනයේ සඳහන්.

දළදා දැක්ම හේතුවෙන් මේ වන විට මහනුවර නගරයේ දැඩි විශාල රථවාහන තදබදයක් හට ගෙන තිබෙන බව අප වාර්තාකරු පවසා සිටියා.

‘සිරි දළදා වන්දනාව’ අද (18) දින අද පස්වරු 3:30ට සිට ආරම්භ කෙරෙන අතර පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙනවා.

අනතුරුව හෙට (19) දින සිට 27 වන දින දක්වා සෑම දිනකම දහවල් 12:00 සිට පස්වරු 5:30 දක්වා සිරි දළදා වන්දනාව පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

අද වැසි වැටෙන ප්‍රදේශ

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ...

බස් රථයක් පෙරළී අනතුරක්: 21ක් රෝහලේ

නුවරඑළිය - මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඊයේ (23) රාත්‍රියේ...

තීරුබදු ගැන සාකච්ඡා කරන්න නියෝජිත පිරිසක් වොෂින්ටනයට

එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව, තීරුබදුවලට අදාළ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින්, වොෂින්ටන් ඩී.සී.හි පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී...

POPULAR ARTICLES

අද වැසි වැටෙන ප්‍රදේශ

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ...

බස් රථයක් පෙරළී අනතුරක්: 21ක් රෝහලේ

නුවරඑළිය - මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඊයේ (23) රාත්‍රියේ...

නිළි රැජිණ මාලනී ෆොන්සේකා දිවි සැරිය නිම කරයි

‘ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජින’ ලෙස කිරුළු පැළඳූ ජ්‍යේෂ්ඨ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මිය අද (24)  අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යනවිට ඇය 78වන වියෙහි...