26 C
Colombo
Sunday, March 26, 2023

හිරු වගේ නෑ සිරියෝ! ආයතනයේ කොවිඩ් හැදුණු අය ගැන නිවේදනයක්

- Advertisement -

මෑත දිනවල හිරු ටීවී වැනි ඇතැම් පෞද්ගලික ආයතන තම ආයතනයේ කොවිඩ්-19 රෝගීන් ගැන කරුණු හෙළි නොකර සඟවාගෙන සිටියත්, තවත් ආයතන බොහොමයක් වගකීමකින් යුතුව කොවිඩ් රෝගීන් ගැන කරුණු හෙලි කළේය. මේ සිරියෝ ආයතනය නිකුත් කර ඇති නිවේදනයකි.

පසුගිය දෙසැම්බර් 03 වන දින අප විසින් නිකුත් කරන ලද නිවේදනයට සබැඳිව ඒ පිළිබඳව යාවත්කාලීන තොරතුරු ඉදිරිපත් කිරීමට මෙම නිවේදනයෙන් අප බලාපොරොත්තුවේ.

  • පසුගිය නොවැම්බර් 26 දින පීසීආර් පරීක්ෂණ මඟින් අප හට සිරියෝ ආයතනයෙන් පළමු කෝවිඞ්-19 ආසාදිත රෝගියා වාර්තා වූ දින පටන්, දෙසැම්බර් 07 වන දින දක්වා කාලය තුළ අප ආයතනයේ සාමාජික සාමාජිකාවන්ට මෙන්ම අනෙකුත් සේවා සපයන කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට පීසීආර් පරීක්ෂණ 859 ක් අප විසින් සිදුකරන ලදී.
  • දෙසැම්බර් 08, එනම් අද දින අප ආයතන පරිශ්‍රය තුළදී පීසීආර් පරීක්ෂණ 250 ක් මේ වනවිට සිදුකරෙමින් පවතින අතර දෙසැම්බර් 09  එනම් හෙට  දිනදී පීසීආර් පරීක්ෂණ 200 ක් ද සිදුකිරීමට නියමිතය.
  • මේ වන විටදී ආයතනයේ සේවක මණ්ඩලය තුළින් 55 දෙනෙකු ආසාදිත බවට හඳුනාගෙන ඇති අතරල  ඒ අතුරින් 54 දෙනෙකු ආයතනයේ සාමාජික සාමාජිකාවන් වන අතර එක් අයෙකු පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලය නියෝජනය කරන තැනැත්තියක් වේ.
  • වෛරසය තවදුරටත් පැතිරීම වැලැක්වීම සඳහා සෞඛ්‍යය වෛද්‍ය නිළධාරීතුමාගේ සහ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයාගේ උපදෙස් පරිදි ආයතනයේ සාමාජික සාමාජිකාවන් 984 දෙනෙකු නිරෝධායනය කර තිබේ.
  • අප ආයතනය දෙසැම්බර් 9 වන බදාදා දින නැවත විවෘත කිරීමට අප විසින් කළින් තීරණය කොට තිබුණද වෛරසය ආසාධනය වී තිබිය හැකි සියළුම සාමාජික සාමාජිකාවන් හඳුනාගෙන වඩාත් ආරක්ෂිතව දෙසැම්බර් 14 වන දින නැවත ආයතනය විවෘත කිරීමට අප තීරණය කළෙමු.

දැනට වෛරසය ආසාධනය වී ඇති සහ නිරෝධායනයට ලක්වී ඇති ආයතනයේ සාමාජික සාමාජිකාවන් සමඟින් සම්බන්දවී ඒ අය පිළිබඳව සොයා බැලීමටත්ල සෞඛ්‍යය වෛද්‍ය නිළධාරීතුමාගේ සහ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයාගේ උපදෙස් පරිදි ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනාගැනීමටත්ල ආයතනයේ ඉහළ නිළධාරීන් 30 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් පැය 24 පුරා තම රාජකාරීයේ නිරතව සිටියිග මෙම කණ්ඩායම එම ආයතනයේ සාමාජික සාමාජිකාවන්ගේ දුක්ගැනවිළි හැසිරවීමත් ඔවුනට අවශ්‍ය වන වියළි ආහාර ද්‍රව්‍යය ලබාදීමටත් නිරතුරුවම කැපවී සිටියි.

ආයතනයේ සාමාජික සාමාජිකාවන්ගෙන් දල ඔවුන්ගේ පවුලේ සාමාජික සාමාජිකාවන්ගෙන් දල ඔවුන්ගේ ලබැඳියන්ගෙන් ද ලැබෙන සහයෝගය මෙන්ම අප කෙරේ තබා ඇති විස්වාසය අප ඉතා අගය කර සිටින්නෙමුග අප මුහණ දී ඇති අසීරු තත්වය වටහා ගෙන අවබෝධයෙන් හා ඉවසීමෙන් කටයුතු කරන  ආයතන පරිශ්‍රය අවට සිටින ප්‍රදේශ වාසීන්ට අපගේ හෘදයාංගම ස්තූතිය මේ අවස්ථාවේදී පුදු කරනු කැමැත්තෙමුග සාමාජීය වගකීමක් ඇති ආයතනයක් වශයෙන් සෞඛ්‍යය අංශ වල මෙන්ම ප්‍රදේශයේ  සෞඛ්‍යය වෛද්‍ය නිළධාරීතුමාගේ සහ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ උපදෙස් අකුරටම පිළිපඳිමින් වඩාත් ආරක්ෂිත පරිසරයක් තුළ හා දැඩි නියාමනයන් යටතේ රටෙහි ආර්ථිකය බල ගැන්වීමට නුදුරු දිනකදී සිරියෝ අප නැවැතත් නිෂ්පාදන කටයුතු ආරම්භ කරන බවට විස්වාසයෙන් යුතුව දැනුම් දෙන්නෙමුග ඒ දිනය පැමිණෙන තුරු ඔබ සියළුම දෙනාගේ නිරන්තර සහයෝගය හා ආශිර්වාදය අප බලාපොරොත්තු වන්නෙමු.

සිරියෝ ලිමිටඞ්

2020 දෙසැම්බර් 08 වන දින

RECENT ARTICLES - SINHALA

පළාත් පාලන ආයතන ගැන සොයා බැලීමට රනිල්ගෙන් කමිටුවක්

0
දැනට නිලධාරී පාලනය යටතේ පවතින පළාත් පාලන ආයතනවල කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ...

සියතේ ලාල් හේමන්ත මාවලගේට සම්මානයක්

0
මේ වන විට දැඩි කතාබහකට ලක්ව සිටින මාධ්‍යෙව්දියෙකු වන සියත TV නාලිකාවේ ලාල් හේමන්ත මාවලගේ මහතාට අද (25) පැවති රයිගම් ටෙලි සම්මාන...

ප්‍රවෘත්ති අංශයෙන් රයිගම් සම්මාන ජයග්‍රාහකයන් මෙන්න

මේ වන විට පැවැත්වෙන රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ඨතම ප්‍රවෘත්ති නිවේදක (සිංහල) ලෙස හිරු ටීවී ප්‍රවෘත්ති අංශයේ මධුෂාන් ද සිල්වා මහතා...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...