27 C
Colombo
Sunday, March 26, 2023

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපතිවරයා ලෙස මට වගකීමක් ගන්න බැහැ – මෛත්‍රීපාල සිරිසේන

- Advertisement -

පාස්කු ඉරිදා එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සිදුකරන විමර්ශනයකින් තමන් වරදකරුවෙකු වුවහොත් තමන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම අසාධාරණ නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කොමිසම ඉදිරියේ පවසා ඇත.

කෙසේ වෙතත් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා දිගින් දිගටම කියාඇත්තේ එම ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල සහ බුද්ධි අංශවල සියලුදෙනා වගකිවයුතු වුවද ජනාධිපතිවරයා ලෙස තමන්ට කිසිදු වගකීමක් නොමැති බවය.‍ෙ

අද දිනයේ හිටපු ජනාධිපතිවරයාගෙන් හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කළ නීතිඥ දිල්ෂාන් ජයසුරිය මහතා කියා සිටියේ, “මාවනැල්ල බුදු පිළිම වලට හානිකිරීම, වව්නතිව් පොලිස් නිලධාරින් ඝාතනය වගේ සිදුවීම් වුණේ ඔබ 2018 ඔක්තෝම්බර් මෙරට තුළ ඇතිකළ ව්‍යවස්ථා අර්බුදය තුළින් රට තුළ බිහිවු ව්‍යාකූල තත්ත්වය නිසා බව මම ඔබට යෝජනා කරනවා” යනුවෙනි.

“මම එය පිළිගන්නේ නැහැ. ඒක මම තනිවම ගත්තු තීන්දුවක් නෙමේ. ජනාධිපති නීතිඥයින්, විද්වතුන් වගේ ගොඩාක් පාර්ශව එකතුවෙලා තමයි ඒ සමයේ නීතිරිති, ගැසට් නිවේදන හැදුවේ,” යැයි හිටපු ජනාධිපතිවරයා ඊට පිළිතුරු දුන්නේය.

“දැන් ඔබ ඒ තීරණය ගැනීමේ වගකීමත් වෙනත් අයෙකු පිට පටවන්නද හදන්නේ,” යැයි නීතිඥවරයා පෙරළා ප්‍රශ්න කළේය.

“නැහැ මම ගත්තු තීරණය හරියි කියන තැන අදත් මම ඉන්නවා. ඒක දේශපාලනික තීරණයක්‍,” යැයි හිටපු ජනාධිපතිවරයා එවර පැවසීය.

එහිදි නීතිඥ දිල්ෂාන් ජයසුරිය මහතා හිටපු ජනාධිපතිවරයාට යොමු කළ ප්‍රශ්නය වූයේ, “ඉකුත් වසරේ අප්‍රේල් 08 වෙද්දි මෙරටට පැමිණ සිටි ඉන්දීය ආරක්ෂක ලේකම්වරයාව ඔබ මුණගැසුනේ නැහැ කියලා සාක්ෂි දිලා තිබෙනවා නේද?, යන්නය.

“ඔව් මම එහෙම කිව්වා. හැබැයි මම හොයලා බලද්දි මම දැනගත්තා මම ඔහුව හම්බවෙලා තියෙනවා කියලා,” යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේය.

“හරි දැන් ඊයේ ඔබතුමා කිව්වානේ ඉන්දීයාවට ගියේ දරුවන් කී දෙනෙක් එක්කද මතක නැහැ කියලා. ඔබ ඊයේ ගෙදර ගිහින් මතක් කරලා බැලුවද දරුවන් කී දෙනෙක් ඔබත් එක්ක ඉන්දියාවට ගියාද කියලා,” යැයි නීතිඥවරයා යළි ප්‍රශ්න කළේය.

“ඔව් මම ගෙදර ගිහින් මතක් කළා. මට මතක් වුණා මාත් එක්ක දරුවන් තුන්දෙනාම ගියා කියලා,” යැයි හිටපු ජනාධිපතිවරයා එවර පිළිතුරු දුනි.

“දැන් ඔය කියන 2019 අප්‍රේල් 08 වනදා උදෑසන ඔබතුමා පවත්වලා තියෙනවානේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ හමුවක්. දැන් ඕකට එද්දිත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට අප්‍රේල් 04 විදෙස් බුද්ධි තොරතුර ලැබී තිබිලා තියෙනවා. ඒ වෙද්දි ඒ තොරතුර ගැන දැන සිටි එකම පුද්ගලයා ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ  නිලන්ත ජයවර්ධන මහතා ඔබට එම තොරතුර පිළිබද දැනුම් නොදීම බරපතළ රාජකාරි පැහැර හැරීමක් නේද?,  නීතිඥවරයා යළි විමසා ඇත.

එයට පිළිතුරුදෙමින් හිටපු ජනාධිපතිවරයා, “රාජකාරිය පැහැර හැරීමක් කියලා ඒකට කියන්න බැහැ. අනික මේ ප්‍රහාරය වළක්වා නොගැනීම සහ මට ඒ පිළිබද දැනුම් නොදීම ගැන එක්කෙනෙකුට විතරක් වගකීම පවරන්න මම පැකිලෙනවා,” යැයි සදහන් කර ඇත.

“එහෙමනම් ඔබ කියන්නේ මේ ප්‍රහාරය වළක්වා නොගැනීමට දඬුවම් කරනවා නම් වගකිවයුතු බොහෝ දෙනෙක්ට දඬුවම් කළ යුතුයි කියන එක නේද? එහෙමනම් මේකට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුයි, පොලිස්පති පූජිත් ජයසුන්දරයි විතරක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම අසාධාරණ නැත්ද?, යැයි නීතිඥවරයා හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර ඇත.

එයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා, “ඔව් එහෙම වෙන්නත් පුළුවන්,” යනුවෙන් පවසා ඇත.

ඒක අසාධාරණයි කියලා ඔබතුමා පිළිගන්නවානම් ඇයි මලල්ගොඩ කමිටුවේ වාර්තාව එන්නත් කළින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුයි සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මේ ප්‍රහාරයට තනිව වගකියන්න ඕනේ කියලා ප්‍රසිද්ධියේ හංවඩු ගැහුවේ?, “යැයි නීතිඥවරයා පෙරළා ප්‍රශ්න කර ඇත.

ඒ කමිටු වාර්තාවයි. මම කරපු ප්‍රකාශයි අතර සම්බන්ධයක් නැහැ. මම එහෙම කළේ ප්‍රහාරයෙන් පස්සේ පැවති ආරක්ෂක කවුන්සිලයේ සාකච්ඡා වෙච්ච කරුණු අනුවයි,” යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුනි.

“මම ඔබට යෝජනා කරනවා මෙම සිදුවීමට අදාළව ඔබ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂකවරයාට දෝෂාරෝපණය නොකරන්නේ ඔබ විදෙස් ගතවීමට පෙර ඔහු ඔබට මෙවැනි දෙයක් විය හැකි බව කියා තිබුණා. ප්‍රහාරය වීමට පෙර දිනයේ සහ ප්‍රහාරය සිදුවු දින ප්‍රහාරයට පෙරත් මේ ගැන දැනුම් දිලා තිබුණු නිසා කියලා. ඒ අනුව ඔබ උත්සහ කරන්නේ ඔහුට වගකීමක් නොපැවරවීම තුළින් ඔබත් මෙම සිද්ධියට අදාළ වගකීමෙන් මිදෙන්න බව මම යළි යළිත් යෝජනා කරනවා,” යැයි නීතිඥවරයා සදහන් කළේය.

“මම එය සම්පුර්ණෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මම එහෙම දැනගෙන ගියානම් මම රටින් පැනලා ගියා වෙන්න ඕනේ. කිසිම දවසක මම එහෙම දැනගෙන හිටියානම් කිසිම දවසක අවශ්‍ය පියවර නොගෙන පිටවෙලා යන්නේ නැහැ,” යැයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් ළේය.

“හරි මධුෂ්ව ඇල්ලීමේ ප්‍රශංසාව ජනාධිපතිවරයා හැටියට ඔබ ගත්තනේ, ඒ වගේම තමන්ගේ පාලන කාලයේ සිදුවෙන මේ වගේ සිද්ධිවලත් වගකීම ජනාධිපතිවරයා හැටියට ඔබතුමා ගත යුතුයි,” නේදැයි නීතිඥවරයා මෙහිදී විමසීය.

“මම එහෙම ප්‍රශංසාව ගන්නේ නැහැ. මට ලැබෙන්නෙම අප්‍රශංසාවනේ. තවදුරටත් මම කියන්නේ මේ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලෙස මට වගකීමක් ගන්න බැහැ,” යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

එහිදි නීතිඥවරයා විමසා සිටියේ, “මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන යම් පරික්ෂණයකදි ජනාධිපතිවරයා මේ ගැන දැනගෙන ඉදලා වළක්වාගන්න පියවර ගත්තේ නැහැ කියලා ඔප්පු වුණොත් ඔහුට එරෙහිව පියවරක් ගැනීම අසාධාරණ නැහැ,” නේදැයි විමසා සිටියේය.

“ඔව් එහෙම ඔප්පු වෙනවානම් අසාධාරණයක් නැහැ,” යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දී ඇත.

-ADA DERANA-

RECENT ARTICLES - SINHALA

පළාත් පාලන ආයතන ගැන සොයා බැලීමට රනිල්ගෙන් කමිටුවක්

0
දැනට නිලධාරී පාලනය යටතේ පවතින පළාත් පාලන ආයතනවල කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ...

සියතේ ලාල් හේමන්ත මාවලගේට සම්මානයක්

0
මේ වන විට දැඩි කතාබහකට ලක්ව සිටින මාධ්‍යෙව්දියෙකු වන සියත TV නාලිකාවේ ලාල් හේමන්ත මාවලගේ මහතාට අද (25) පැවති රයිගම් ටෙලි සම්මාන...

ප්‍රවෘත්ති අංශයෙන් රයිගම් සම්මාන ජයග්‍රාහකයන් මෙන්න

මේ වන විට පැවැත්වෙන රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ඨතම ප්‍රවෘත්ති නිවේදක (සිංහල) ලෙස හිරු ටීවී ප්‍රවෘත්ති අංශයේ මධුෂාන් ද සිල්වා මහතා...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...