25 C
Colombo
Wednesday, March 19, 2025

වෛද්‍යවරියගේ සිදුවිමට සැකකරුගේ සහෝදරිය අත්අඩංගුවට

- Advertisement -

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුගේ සහෝදරියක සහ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්නෑව, නිදිකුම්බායාය ප්‍රදේශයේදී ඊයේ (12) රාත්‍රියේ දී මොවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවා.

සැකකරුට සැඟව සිටීමට උපකාර කිරීමේ චෝදනාව යටතේ ඔහුගේ සහෝදරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් වෛද්‍යවරියව දූෂණයට ලක්කිරීමෙන් පසුව සොරකම් කරන ලද බව කියන දුරකථනයක් ළඟ තබාගැනීමේ චෝදනාවකට අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි කාන්තාවක් සහ 27 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පැවසුවා.

මේ අතර අදාළ වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (13) ඉදිරිපත් කිරීමට නියමිතයි.

සැකකරු ඊයේ දිනයේ ගල්නෑව ප්‍රදේශයේ රක්ෂිතයක සැඟව සිටියදී ගල්නෑව පොලීසිය සහ අනුරාධපුර පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් එක්ව සිදුකළ සෝදිසියකදී අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් සැකකරු 34 හැවිරිදි ගල්නෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මේ වන විට අනුරාධපුර පොලිස් ස්ථාන භාරයේ පසුවනවා.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අදාළ වෛද්‍යවරිය බිය ගැන්වීම සඳහා භාවිත කළ පිහිය පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

කෙසේවෙතත් අදාළ සිද්ධිය වූ අවස්ථාවේ දී සැකකරු විසින් රැගෙන ගිය වෛද්‍යවරියගේ ජංගම දුරකථනය පොලීසිය විසින් මේ වන විටත් සොයාගෙන නොමැති බව වාර්තා වනවා.


RECENT ARTICLES - SINHALA

මහින්ද වැඩි ආරක්ෂාවක් ඉල්ලපු හේතුව

නිසි ආරක්ෂක ඇගයීමකින් තොරව තමන්ට සපයාදී තිබූ ආරක්ෂක නිලධාරීන්ගේ සංචිතය 60ක් දක්වා අඩු කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම්...

දේශබන්දු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට 

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙනගොස් තිබෙනවා. දේශබන්දු තෙන්නකෝන් එහි සාමාන්‍ය වාට්ටුවක රඳවා ඇති බව‍යි වාර්තා වෙන්නේ. අධිකරණයෙන් සැඟවී දින...

රුපියල් මිලියන 3.8කට වැඩි කීරි සම්බා තොගයක් රාජසන්තක කෙරේ

පිටකොටුවේ වෙළෙඳසැලක තිබූ රුපියල් මිලියන 3.8 කට අධික වටිනාකමින් යුත් සහල් තොගයක් රාජසන්තක කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ, වෙළෙදසැලේ සඟවා තබාගෙන සිටි...

POPULAR ARTICLES

අර්ජුන් ඇලෝසියස්ට එරෙහි පැමිණිල්ලක් යළි කැඳවීමට නියෝගයක්

රුපියල් මිලියන 12ක මුද්‍රණ කඩදාසි මිලදී ගැනීමක් සම්බන්ධව සාපරාදී විශ්වාසය කඩකළේ යැයි කියන සිද්ධියකට අදාළව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට...

මහින්ද වැඩි ආරක්ෂාවක් ඉල්ලපු හේතුව

නිසි ආරක්ෂක ඇගයීමකින් තොරව තමන්ට සපයාදී තිබූ ආරක්ෂක නිලධාරීන්ගේ සංචිතය 60ක් දක්වා අඩු කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම්...

දේශබන්දු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට 

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙනගොස් තිබෙනවා. දේශබන්දු තෙන්නකෝන් එහි සාමාන්‍ය වාට්ටුවක රඳවා ඇති බව‍යි වාර්තා වෙන්නේ. අධිකරණයෙන් සැඟවී දින...