හෙරොයින් පානය කිරීම සඳහා තම 15 හැවිරිදි නැගණියව රුපියල් 15000 ක මුදලකට සහ හෙරොයින් ග්‍රෑම් 01කට අලෙවි කළ කාන්තාවක් මිනුවන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අධික ලෙස හෙරොයින් පානයට ඇබ්බැහි වී ඇති මෙම 26 හැවිරිදි එක්දරු මවක්ද වන කාන්තාව හෙරොයින් ජාවාරම්කරුවකුට තම නැගණිය අලෙවි කර ඇති අතර මෙම ජාවාරම්කරුවද හෙරොයින් මිලි ග්‍රෑම් 5120 ක් සමග අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලීසිය පවසනවා.
ඔවුන්ගේ මවද හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවක් මත මේ වන විට බන්ධනාගාරගතව සිටින බවයි පොලීසිය සදහන් කරන්නේ.
බටහිර නිල්පනාගොඩ පදිංචි අදාළ සැකකරු හෙරොයින් ජාවාරමේ යෙදෙන බවට ලද තොරතුරක් මත ඔහුගේ නිවස වැටලීමේදී එහි සිට මෙම දැරියද හමුව තිබෙනවා.
මෙම දැරිය කවුරුන්දැයි පොලීසිය විමසීමේදී සැකකරුගේ මව විසින් දැරියගේ සහෝදරිය ඇයව මෙම පුද්ගලයාට මුදලට විකුණූ ආකාරය අනාවරණය කළ බව පොලීසිය සඳහන් කරනවා.
අනතුරුව සැකකාර කාන්තාව සිටින නිවසට ගොස් ඇයවද අත්අඩංගුවට ගෙන තිබෙනවා.