වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (11) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතයි.
එම විවාදය ඊයේ (10) පැවැත්වීමට නිමිතව තිබුණ ද පාර්ලිමේන්තුවේ ගණපූර්ණය නොමැති වීම හේතුවෙන් සභාවේ කටයුතු අද දිනය දක්වා කල් තැබුණා.
මේ අතර, යළි විවාද කිරීමට නියමිත VAT බදු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඡන්දය භාවිත කිරීමට සමගි ජනබලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කියා සිටියේ ජනතාව මත බදු පැනවීමකින් තොරව රජය විකල්ප ක්‍රම මගින් ආදායම් උපයාගත යුතු බවයි.
එමෙන්ම VAT බදු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඡන්දය භාවිත කිරීම සිය ස්ථාවරය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.