සමගි ජනබලවේගය අද (30) දිනයේ කොළඹදී දැවැන්ත ජනරැළියක් පැවැත්වීමට නියමිතයි.
“වෙනසක් හදන වසරක්” යන තේමාව යටතේ අද පස්වරු 1.30 ට මෙම විරෝධතා රැළිය ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
දිවයිනම ආවරණය වන පරිදි සමගි ජන බලවේගයේ ආධාරකරුවන්ට මෙම රැළියට සහභාගී වන ලෙස පක්ෂය විසින් දැනුම් දී තිබෙනවා.
එමෙන්ම පක්ෂයේ සියලු නායකයින් මෙම රැළියට සහභාගී වන බව සමගි ජනබලවේගය සඳහන් කළා.