පළාත් පාලන ඡන්දයේදී සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය සමග එකට එක් වී තරග කරන බව සජබ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.
‘මව්බිම’ වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර තිබුණේ, ඡන්දයට තරග කරන ආකාරය ගැන පක්ෂ දෙක මෙම දිනවල සාකච්ඡා කරමින් සිටින අතර, ඒකාබද්ධ වීම් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ කළ සාකච්ඡා සාර්ථක බවයි.
එම සාකාච්ඡාවල ප්‍රගතිය පිළිබඳවත් මැතිවරණයට තරග කරන ලකුණ ගැන හා සන්ධාන ගතවීම් පිළිබඳවත් නුදුරේම රටට දැනුම් දෙන බවද රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසා තිබුණා.
ඔහු තවදුරටත් පවසා ඇත්තේ, ආණ්ඩුවට එරෙහිව ජයග්‍රහණය ලැබීම මෙම ඒකාබද්ධ වීමේ මූලික අරමුණ බවයි.
ආණ්ඩුව ගැන ජනතා විරෝධය වැඩිවෙමින් පවතින බවත් මාලිමාවේ බිම් මට්ටම බිඳ දැමීම පළාත් පාලන ඡන්දයෙන් ආරම්භ කරන බවත් මද්දුම බණ්ඩාර මහතා පවසා තිබෙනවා.