25 C
Colombo
Saturday, May 24, 2025

ස්කයිප් අදින් අවසන්

- Advertisement -

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයින් භාවිත කළ වීඩියෝ ඇමතුම් සේවාවක් වූ මයික්‍රොසොෆ්ට් සමාගමය අයත්ව තිබූ ස්කයිප් යෙදුම අද (05) සිට වසා දමන බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

පසුගිය මාර්තු මස ස්කයිප් සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර සිටියේ මැයි මාසයේ සිට සිය මෙහෙයුම් නැවැත්වීමට තීරණය කළ බවයි.

එම මෙහෙයුම් නැවැත්වීමෙන් පසුව ස්කයිප් ගිණුම් හිමියන්ට එම මුරපද සමග Microsoft Teams Free වෙත සම්බන්ධව වීමට හැකියාව ලැබෙන බවත් එම සමාගම පවසා සිටියා.

2003දී ප්‍රථම වරට නිකුත් කරන ලද ස්කයිප් 2011දී මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඩොලර් බිලියන 8.5 කට මිලදී ගන්නා ලද අතර එය එකල එහි විශාලතම අත්පත් කර ගැනීම බවද වාර්තා වනවා.

ස්කයිප් කලක් ලෝකයේ වඩාත්ම ජනප්‍රිය වෙබ් අඩවි වලින් එකක් වූ අතර ලොව පුරා සිටින මිතුරන්ට සහ පවුලේ අයට තම පරිගණක හරහා නොමිලේ වීඩියෝ සහ ඕඩියෝ ඇමතුම් ලබා ගැනීමට මිනිසුන්ට අවකාශය සැලසුවා.

ස්කයිප් මෙම සේවාව ලබා දුන් පළමු හෝ එකම සමාගම නොවූවත්, පරිශීලකයින්ට පරිගණකයෙන් පරිගණකයට නොමිලේ ඇමතුම් ලබා ගැනීමට ඉඩ දීමෙන් එය ජනප්‍රිය කිරීමට ද උපකාරී වුණා.

RECENT ARTICLES - SINHALA

බිංගිරිය විද්‍යා පීඨයේ සිසුවියක් සියදිවි හානිකරගෙන

බිංගිරිය, වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සිසුවියක ඊයේ (23) පස්වරුවේ සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය පවසනවා. වයස අවුරුදු 23ක් වූ දෙවන වසරේ ශිෂ්‍යාවක් මෙලෙස සියදිවි...

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් ගැන රජයෙන් තීරණයක්

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් පවරා ගැනීමේ කිසිදු අරමුණක් රජයට නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඇය පවසන්නේ, රජයේ අරමුණ ඉඩම් අයිතිය ඇති ජනතාවට...

සජබේ අවුලක්: තවත් තුනක් ඉල්ලා අස්වෙලා

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. මෙසේ ආසන සංවිධායක ධූරවලින්...

POPULAR ARTICLES

දසුන් ශානක යළි විස්සයි විස්ස සංචිතයට

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට නැවතත් දසුන් ශානක කැඳවීමට සූදානමක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික උපුල් තරංග පවසනවා.  ඩේලී එෆ්.ටී පුවත්පත වෙත...