25 C
Colombo
Saturday, December 9, 2023

වත්මන් ආණ්ඩුව ජනතාවගේ මූලික අයිතිවාසිකම් තහවුරු කිරීම පැහැර හැරලා- නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ

- Advertisement -

පැහැදිලි ජනවරමක් නොමැති වත්මන් ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය ඇතුළු මැතිවරණ කල් දමමින් දිගින් දිගටම ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක්කරමින් සිටින බව නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ මහතා ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේදී පවසා තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරයේ හය වැනි රැස්වීමේදී ‘පැක්ස් රොමානා‘ සංවිධානය වෙනුවෙන් අදහස් දක්වමින් නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ මහතා ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්ගේ වාර්තාව තුළද නිසි කලට මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් වන නිර්දේශ ඇතුළත් කර නොතිබීම සම්බන්ධයෙන් කණගාටු වන බවයි.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඡන්ද බලය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ රැස්වීමේ අයිතිය ඇතුළු ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ සෞඛ්‍ය හා අධ්‍යාපනයට ඇති අයිතිය වැනි සමාජ ආර්ථික අයිතිවාසිකම් නිසි පරිදි තහවුරු කිරීම ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

නීතිඥවරයා මෙහිදී  තවදුරටත් අවධාරණය කළේ සිවිල් නිදහසට එරෙහි ඇතැම් මර්ධනීය නීතිවල විෂය පථය පුළුල් කිරීමට රජය උත්සාහ ගනිමින් සිටින අතර පුනරුත්ථාපන කාර්යංශ පනත් කෙටුම්පත සහ යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත රටේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයේ යහපැවැත්ම සඳහා ඇති භයානකම නීති දෙකක් බවයි.

මේ අතර, රාජ්‍ය වියදම් කපාහැරීම නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඖෂධ සහ කාර්ය මණ්ඩලවල හිඟයක් ඇතිවී තිබෙන බව ප්‍රකාශ කළ දෙහිඅත්තගේ මහතා විශ්වවිද්‍යාලවල සහ පාසල්වලද එවැනිම තත්ත්වයක් උද්ගතව ඇති බව සඳහන් කළා.

ඡන්දය ප්‍රකාශ කිරීමට අයිතියට ගරු කරන ලෙසත්, සිවිල් අයිතිවාසිකම් කප්පාදු කිරීමේ උත්සාහයන් කතර කරන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බවද නීතිඥවරයා මෙහිදී ප්‍රකාශ කළා.

එමෙන්ම ජයන්ත දෙහිඅත්තගේ මහතා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිිළිබඳ අධීක්ෂණ යාන්ත්‍රණය වැඩිදියුණු කරන ලෙසයි.

RECENT ARTICLES - SINHALA

අයිසීසීපීආර් යටතේ 44කට අධිචෝදනා ගොනු කරලා

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ 2017 වසරේ සිට අත්අඩංගුවට ගත් 219 දෙනකු අතුරෙන් 44 දෙනකුට අධිචෝදනා ගොනු කර ශ්‍රී ලංකා...

ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම ඇරඹේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරන ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ගෝවාහිදී අද (08) පැවැත්වුණා. නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම...

බදුල්ල – කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නායයාමට ලක්වීමෙන් උඩුවර 6 කනුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට...

POPULAR ARTICLES

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...

අද ඇමෙරිකානු ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම්...