32 C
Colombo
Friday, April 19, 2024

ස්වෛරී බැඳුම්කරය පියවීමට මහ බැංකුව සූදානම්

- Advertisement -

අද (18) දිනයට කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සඳහා ඩොලර් මිලියන 500ක මුදලක් ගෙවීමට අදාළ සියලු ලිපි ලේඛන සකස් කර ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා

අද දිනයේ අදාළ ගෙවීම සිදුකරන බවයි අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහබැංකු අධිපතිවරයා,

“අපි මහ බැංකුව විදියට හෙට දිනයේ අමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ස්වෛරී බැඳුම්කර සඳහා ගෙවීම කරනවා. ඒ නිසා ඒ ගැන කිසිම කෙනෙක් කලබල වෙන්න අව‍ශ්‍යතාවයක් නෑ. ඒ සඳහා සම්පූර්ණ ලියකියවිලි සියලුම දේවල් අපේ මහ බැංකුවේ ණය දෙපාර්තමේන්තුව විසින් ඒවා සකස් කරලා තියෙනවා. ඒ නිසා ඒ ගෙවීම ඒ ආකාරයටම සිදුවෙයි. යම් අභියෝගයන්ට අපි මුහුණ දී තිබෙනවා.

ඒ සෑම අභියෝගයක්ම අපි ජයගෙනත් තියෙනවා. මේ අවස්ථාවේ දී යම් අවස්ථාවක බැංකුවල තිබෙන ඩොලර් ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් නම්, ඒ හිඩස පිරවීම ට මහ බැංකුව බැදිලා ඉන්නවා. මම මේ පිළිබඳව ජනාධිපතිතුමා සමගත් අගමැතිතුමා සමගත් මුදල් අමාත්‍යතුමා සමගත් සාකච්ඡා කළා. එවැනි අවස්ථාවල දී අපි ඒ මුදල් ලබාදීමට කටයුතු කරනවා. ඒ නිසා කිසිම හිඟයක් මුදල් නැති නිසා ඇති කර ගැනීමට අපි බලාපොරොත්තු වෙන්නේ නෑ.”

RECENT ARTICLES - SINHALA

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම ගැන නිවේදනයක්

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සඳහා 2023 මාර්තු 25 වනදා තරග විභාගයක් පැවැත්වීමට සියලු‍ කටයුතු සූදානම් කර තිබියදී සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ...

පැය 12 ක ජල කප්පාදුවක්

එළඹෙන අප්‍රේල් 24 වන දින (බදාදා) ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. එම...

සේවකයන් නඩු දැම්මත් පනත හකුලන්නේ නැහැ – කංචන

විදුලි සේවකයන් 24,000 නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත්, වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන බවත්, විදුලිබල...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...