27 C
Colombo
Sunday, April 2, 2023

නවසීලන්තයට ලකුණු 285ක ඉලක්කයක්

- Advertisement -

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා නවසීලන්ත කණ්ඩායමට ලකුණු 285ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු සියලු දෙනා දැවී ලකුණු 302කට සීමා වීමත් සමගයි.

දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 115ක් ලබා ගත් අතර එය මැතිව්ස්ගේ 14 වැනි ටෙස්ට් ශතකයයි.

දිනේෂ් චන්දිමාල් ලකුණු 42කට දැවී ගිය අතර ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 47යි.

පන්දු යැවීමේ දී බ්ලෙයාර් තික්නර් ලකුණු 100කට කඩුලු 4ක් ද මැට් හෙන්රි ලකුණු 71කට කඩුලු 3ක් ද දවා ගත්තා.

ජයග්‍රහණය සඳහා ලකුණු 285ක ඉලක්කයක් හඹා යන නවසීලන්තය මේ වන විට සිය දෙවැනි ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 18ක් ලබා ගෙන සිටිනවා.

අද තරගයේ සිව්වැනි දිනයයි.

RECENT ARTICLES - SINHALA

මොන්ටිසෝරියටත් ප්‍රජනන සෞඛ්‍යය

පෙර පාසල් අවධියේ සිටම ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් ඉගැන්වීම් දරුවන්ට ලබාදීමට විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා. ළමයින් සඳහා වන පාර්ලිමේන්තු...

පාඨලීගෙන් නව දේශපාලන පක්ෂයක්

ලබන මසදී නව දේශපාලන පක්ෂයක් පිහිටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ...

වෘත්තිකයන් අවසන් තීරණයකට එන්න හෙට යළි රැස්වෙයි

රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට වෘත්තීයවේදීන්ගේ සමිති එකමුතුවේ නියෝජිතයින් හෙට (03) යළි...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...