27 C
Colombo
Friday, April 19, 2024

දෙවැනි ටෙස්ට් තරගයේදී දික්වැල්ල බංකුවේ

- Advertisement -

වෙලින්ටන්හිදී හෙට ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහිව අවසන් මොහොතේ දී ලද පරාජය අභිප්‍රේරණයක් ලෙස භාවිතා කරන බව නායක දිමුත් කරුණාරත්න පවසනවා.

“අවාසනාවකට අපිට ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් තරගයට යා හැකි තත්ත්වයක නැහැ, නමුත්  ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියේ අපේ අභිමානය වෙනුවෙන් ක්‍රීඩා කළ යුතුයි. අපිට සෑම අවස්ථාවකදීම නවසීලන්ත ප්‍රබල පිතිකරුවන්ට අභියෝග කළ හැකියි. ඔවුන්ගේ සමහර ක්‍රීඩකයන් පවා මට පැවසුවේ ඔවුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් එවැනි පන්දු යැවීමේ පීඩනයක් බලාපොරොත්තු නොවූ බවයි, එය ප්ලස් පොයින්ට් එකක්.” තරගයට පෙර පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී දිමුත් කරුණාරත්න පැවසුවා.

එහිදී නායක දිමුත් කරුණාරත්න පැවසුවේ තරගයට ක්‍රීඩා කරන අවසන් ක්‍රීඩකයින් 11 දෙනා කවුරුන්ද යන්න මෙතෙක් තීරණය කර නොමැති බවයි.

කෙසේ වෙතත් පළමු තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමට වෙනස්කම් දෙකක් සිදු විය හැකි බව නායකයා ඉඟි කළා.

“අපිට වේගපන්දු යවන්නන් හතර දෙනෙක් ක්‍රීඩා කරන්න ඉඩ තියෙනවා, නිරෝෂන් දික්වැල්ලගේ කඩුලු රකින ස්ථානය වෙනස් කරන්නත් ඉඩ තියෙනවා”

“විකට් එකේ කොළ පාට වැඩියි, වැස්ස දවස් කීපයකට පුරෝකථනය කරන නිසා අපේ දඟ පන්දු යවන්නා වෙනුවට අතිරේක වේගපන්දු යවන්නෙක් ක්‍රීඩා කරන්න පුළුවන්” දිමුත් කරුණාරත්න කියා සිටියා.

නිරෝෂන් දික්වැල්ල වෙනුවට නිශාන් මධුෂ්ක අවසන් 11 දෙනා අතරට පැමිණීමට ඉඩ ඇති නමුත් ඔහු මැදපෙළ පිතිකරුවෙක් ලෙස  පන්දුවට පහර දෙනු ඇතැයි දිමුත් කරුණාරත්න පැවසුවා.

RECENT ARTICLES - SINHALA

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (18)...

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...