32 C
Colombo
Thursday, March 28, 2024

SLIIT විසින් විද්‍යා ඉංජිනේරු හා තාක්‍ෂණ කුසලතාවන්ගේ නවෝත්පාදන සහ ඉගෙනුම් දිරි ගැන්වීම සඳහා ROBOFEST 2021 ප්‍රකාශයට පත්කරයි

- Advertisement -

පාසල් සිසුන්ට සහ උපාධි අපේක්ෂකයින් හට නව රොබෝ තාක්‍ෂණ සැලසුම් කිරීම, ගොඩනැගීම සහ දැනුම හා පුරුද්ද ඇතිකරවීම සඳහා සුදුසු පසුබිමක් ඇති කරදීමේ අරමුණින් නිර්මාණය කරන ලද SLIIT හි වාර්ෂික රොබෝ තරඟය වන ‘ROBOFEST 2021’ වික්‍රමාන්විත සංදර්ශනයක් සඳහා සූදානම් වේ.

SLIIT හි ඉංජිනේරු පීඨය විසින් 11 වන වරට සංවිධානය කරන ලද මෙම ‘ROBOFEST 2021’ තරඟය මඟින් දී ඇති නිර්ණායකයන්ට අනුව අභියෝගාත්මක කාර්යයක් ඉටු කළ හැකි රොබෝ යන්ත්‍ර සැලසුම් කිරීමට සහ ප්‍රායෝගික දැනුම ප්‍රදර්ශනය කිරීම සඳහා සහභාගීවන්නන්ට කදිම අවස්ථාවක් සලසා දෙනු ඇත.

මෙම තරඟය මඟින් ගැටලු විසඳීම සහ කාවැද්දූ පද්ධති සැලසුම් කිරීම (Embedded Systems Design), කාවැද්දූ පද්ධති ඉංජිනේරු විද්‍යාව (Embedded Systems Engineering ) සහ මයික්‍රොප්‍රොසෙසරය පදනම් කරගත් පද්ධති (Microprocessor based Systems), ඩිජිටල් (Digital) සහ ඇනලොග් ඉලෙක්ට්‍රෝනික උපකරණ (Analog Electronics), පාලන පද්ධති (Control Systems ) සහ රොබෝ විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු (Robotics and Software Engineering) වැනි කුසලතා ප්‍රවර්ධනය කරනු ලබයි. වසංගත තත්ත්වය හේතුවෙන් පනවා ඇති දුරස්ථ ක්‍රමවේදයන්ට අනුකූලව, මෙවර තරඟය මාර්ගගත ක්‍රමවේද ඇතුළත් වේදිකා ඔස්සේ පැවැත්වේ.

‘ROBOFEST 2021’ සඳහා සහභාගිවන්නන් හා කාර්මික නිලධාරීන් අතර කණ්ඩායම් වැඩ කටයුතු කිරීමට සහ ශක්තිමත් සබඳතාවයක් ඇති කර ගැනීමට මෙම අවස්ථාව කදිම අඩිතාලමක් සපයන අතර ඒ මඟින් ඔවුන්ගේ දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට හැකියාව ලැබේ.

‘ROBOFEST 2021’ තරඟය පාසල් සහ විශ්ව විද්‍යාල ලෙස කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වීමට නියමිතය. පාසැල් කාණ්ඩය යටතේ ඉදිරිපත් වන පාසල්වල සිසුන්ට ඔවුන්ගේ ශ්‍රේණි සලකා බැලීමකින් තොරව, එක් කණ්ඩායමකට උපරිම සාමාජිකයින් 5 දෙනෙකු බැගින් එකම ආයතනයක ඕනෑම කණ්ඩායමකට තරඟ කළ හැකිය. මෙම කාණ්ඩය සඳහා, තරඟකරුවන් රොබෝ අනුකරණ මෘදුකාංගයක් භාවිතා කරමින් මාර්ගගත අවකාශයක ඇති බාධක මඟ හරවාගෙන මෙහෙයවිය හැකි ජංගම රොබෝ යන්ත්‍රයක් සැලසුම් කර ඉදිරිපත් කළ යුතුය.

විශ්ව විද්‍යාල කාණ්ඩය යටතේ විශ්ව විද්‍යාල සහ ඒ හා සමාන උපාධි පිරිනමන සියලුම උපාධි අපේක්ෂකයින් සඳහා විවෘතය. එහි සෑම කණ්ඩායමක්ම සාමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විත වන අතර එකම ආයතනයක ඕනෑම කණ්ඩායමකට තරඟ කළ හැකිය. ඔවුන්ගේ කර්තව්‍යය වන්නේ මාර්ගගත අවකාශයක සංකීර්ණ කාර්යයන් සිදු කිරීම සඳහා රොබෝ බාහු කට්ටලයක් සැලසුම් කර ඉදිරිපත් කිරීමයි.

‘ROBOFEST 2021’ සඳහා ලියාපදිංචි කටයුතු මේ වනවිට විවෘතව පවතින අතර අදාළ කණ්ඩායම් සඳහා අදාළ නීති www.robofest.lk වෙබ් අඩවිය හරහා ලබාගත හැකිය. විශ්වවිද්‍යාල කණ්ඩායම් ලියාපදිංචිය   2021 සැප්තැම්බර් 12 වන දින අවසන් වන අතර පාසල් කාණ්ඩයේ ලියාපදිංචිය සඳහා වන අවසන් දිනය වන්නේ 2021 සැප්තැම්බර් 20 වැනිදාය. ‘ROBOFEST 2021’ අවසන් මහා තරඟය සැප්තැම්බර් මස 30 වැනි දින පැවැත්වීමට නියමිතය. මෙම කාණ්ඩ දෙක සඳහා ආකර්ෂණීය ත්‍යාග පිරිනැමේ.

SLIIT විසින් ‘ROBOFEST 2021’ සඳහා වැඩමුළු සහ වෙබ් සම්මන්ත්‍රණ ද සංවිධානය කර ඇත.

මේ සඳහා සහභාගීවන සිසුන්ට https://forms.gle/MgEF6iATv6mhBGvr9 හරහා ලියාපදිංචි වීමෙන් අනතුරුව ඔවුන්ව වෙබ් සම්මන්ත්‍රණ සඳහා සම්බන්ධ වීමට උනන්දු කරවනු ඇත.

RECENT ARTICLES - SINHALA

උද්දික යළි දිවයිනට

ජනප්‍රිය රංගන ශිල්පි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අද (28) උදැසන යළි දිවයිනට පැමිණ තිබෙනවා. උද්දික ප්‍රේමරත්න පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා...

චීනයෙන් හම්බන්තොටට ඉන්ධන පිරිපහදුවක්

චීනයේ සයිනොපෙක් සමාගම විසින් මෙරට ඉදිකිරීමට නියමිත ඉන්ධන පිරිපහදුවේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන...

ෂොපින් බෑග්වල බඩු ගන්න අය මේකත් දැනගන්න

වෙළෙඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී ලබාදෙන ෂොපින් බෑග් සඳහා මුදල් අය කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ඉවත් කරගන්නා...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...