33 C
Colombo
Thursday, March 28, 2024

SLIIT Business School විසින් පළමු ‘SLIIT Business Review’සඟරාව එළිදක්වයි

- Advertisement -

ලෝකයේ ආයතනික මට්ටමේ වෘත්තීමය විශිෂ්ඨතාවයන් සඳහා වන ගමන් මග සකස් කිරීම වෙනුවෙන් ඇගයීමකට පාත්‍රව සිටින SLIIT Business School සිය පළමු පර්යේෂණ සඟරාව වන ‘SLIIT Business Review ’ හි (SLIIT ව්‍යාපාරික සමාලෝචනය) ආරම්භක කලාපය මාර්ගගත තාක්ෂණය ඔස්සේ පසුගියදා විශිෂ්ඨ අන්දමින් ප්‍රේක්‍ෂකයින් වෙත ඉදිරිපත් කළේය.

‘SLIIT Business Review’ සඟරාව යනු නව දැනුම, නවෝත්පාදනයන්, තාක්‍ෂණ භාවිතය, ව්‍යාපාර සහ කළමනාකරණයේ නවතම පර්යේෂණ මෙවලම් යෙදීම ආදිය ඉස්මතු කර දැක්වීම සඳහා පීඨ, පර්යේෂණ විද්වතුන්, ව්‍යාපාර කළමනාකරණ වෘත්තිකයින් සහ ඊට අදාළ විෂයයන් සඳහා වේදිකාවක් වශයෙන් කටයුතු කිරීමේ අරමුණ ඇතිව වසර දෙකකට වරක් ප්‍රකාශයට පත් කෙරෙන සඟරාවකි. SLIIT Business Review, ව්‍යාපාර කළමනාකරණ න්‍යායන් සහ භාවිතයන් අතර පවතින හිඩැස අවම කිරීමට ද අපේක්ෂා කරයි.

2021 ජූනි මස මංගල කලාපයේ පළමු වෙළුමේ – 01 වෙනි මුද්‍රණයේ ලිපි මානව සම්පත්, මුල්‍ය, ආගන්තුක සත්කාර වැනි විෂය මාලාවක් ආවරණය කළේය. ඉදිරියේදී ව්‍යාපාරික පරිසරය තුළ ගැටලු න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව ආකෘතිගත කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ව්‍යාපාර කළමනාකරණය, ගිණුම්කරණය සහ මුල්‍ය, ව්‍යාපාර විශ්ලේෂණ, මානව ප්‍රාග්ධන කළමනාකරණය, අලෙවි කළමනාකරණය, ලොජිස්ටික් සහ සැපයුම් දාම කළමනාකරණය ඇතුළු මාතෘකා පිළිබඳව පවතින ගැටලු විමර්ශනය කරනු ඇත.

මෙම වැදගත් අවස්ථාවට SLIIT හි කුලපති මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක මහතා එක්වෙමින් සඟරාවේ මංගල කලාපය එළිදැක්වීය. එහිදී අදහස් දක්වමින් SLIIT හි උපකුලපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා මෙසේ පැවසීය.“පර්යේෂණයකට දායකත්වය දැක්වීම ශාස්ත්‍රපතිවරයෙකුගේ අනිවාර්ය අංගයක්. විශ්ව විද්‍යාලයක් ලෙස අප ලෝක මට්ටමෙන් පිළිගැනීමට නම් ශ්‍රේණිගත කිරීම් ඉහළ යා යුතු අතර ඒ සඳහා අප විශ්වවිද්‍යාලය සතුව හොඳ ප්‍රකාශන තිබිය යුතුවේ. ලොව පුරා උසස් විශ්ව විද්‍යාල සමඟ පවත්වාගෙන යනු ලබන හවුල්කාරීත්වයන්ට අමතරව පර්යේෂණ- පර්යේෂණ ප්‍රදාන යෝජනා ක්‍රම, කර්මාන්ත කිහිපයක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව සහ ව්‍යාපාර සම්බන්ධතාවලට සහයෝගය දැක්වීම සඳහා අපි සහයෝගයන් ලබා දෙන්නෙමු. මෙම මුලපිරීමේ උත්සාහය මඟින් උපාධි අපේක්ෂකයින්ට හොඳ ජාත්‍යන්තර සඟරා ප්‍රකාශයට පත්කිරීමට සහ ඒ සඳහා අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව ලැබෙන හෙයින් මම මෙය අගය කරමි.”

ලෝකය පුරා විසිර සිටින පර්යේෂකයින්ට නොමිලේ දැනුම හා ශාස්ත්‍රීය කටයුතු හුවමාරු කර ගැනීමේ අරමුණ ඇතිව SLIIT Business Review විවෘත ප්‍රවේශ ප්‍රතිපත්තියක් තුළ පවත්වාගෙන යනු ලබයි.

SLIIT Business School හි පර්යේෂණ ගමන්මගෙහි තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් SLIIT Business Review එළිදැක්වීමේ උත්සවයට සහභාගී වීමට ලැබීම පිළිබඳව තමන් ඉතාමත් ගෞරවයට පත් වන බව සහභාගී වූවන් අමතමින්, උපාධි අධ්‍යයන හා පර්යේෂණ පිඨයේ පීඨාධිපති, මහාචාර්ය රාහුල අත්තලගේ මහතා පැවසීය.  

‘SLIIT Business Review එළිදැක්වීම SLIIT Business School හි ව්‍යාපාරික පාසලට පමණක් නොව සමස්ත ආයතනය පුරාම පර්යේෂණ සංස්කෘතිය පෝෂණය කිරීමට, වටිනාකමින් යුත් පර්යේෂණ භූ දර්ශනයක් ගොඩනැගීමට සහ දේශීයව වෙනත් තරඟකරුවන් අතර SLIIT ඉහළ තලයකට ඔසවා තැබීමට උපකාරී වනු ඇත.”

ඔහු මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.”පර්යේෂණය යනු ඉගැන්වීමේ හා ඉගෙනීමේ ක්‍රියාවලියේ අදාළ වෙනස්කම් සිදු කිරීමට අධ්‍යාපනඥයින්ට ඉඩ කඩ ලබාදීම සහ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ හා සිසුන්ගේ නව නිපැයුම් සමාජයේ යහපත උදෙසා රැගෙන යාමට ඉඩ සලසා දීමයි. මෙම සුවිශේෂී ජයග්‍රහණය වෙනුවෙන් SLIIT Business School වෙත, සඟරාවේ කර්තෘවරයා හට, පීඨාධිපතිවරයාට, දායකත්වය දැක්වූවන්ට, සංවිධායකයින්ට සහ අධ්‍යයන කාර්ය මණ්ඩලයට මම නැවත වරක් සුභ පතමි.”

RECENT ARTICLES - SINHALA

පාසල් වර්ගීකරණයේ වෙනසක්

මෙරට අධ්‍යාපන පද්ධතියේ පරිවර්තනීය වෙනස අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ වෙනස්කම් සිදු කරමින් එළඹෙන මාසයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත...

බිත්තර ආනයනයට සීමා

අවශ්‍ය තරම් බිත්තර ගබඩා තුළ පැවතීම හේතුවෙනි ඉන්දියාවෙන් බිත්තර ආනයන කිරීමේ කටයුතු සීමා කර තිබෙනවා. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ,...

හම්බන්තොට වරාය සහ කටුනායක ගුවන්තොටුපොළ සංවර්ධනය කරන්න චීනෙට දෙනවා – අගමැති

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ හම්බන්තොට වරාය සංවර්ධනය කිරීමට චීනය සහය දෙන බව චීන මාධ්‍ය වාර්තා කරනවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපුටාදක්වමින්  South China Morning...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...

ඩොලරය තවදුරටත් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (25) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 298.45ක් ලෙස...