32 C
Colombo
Friday, March 29, 2024

SLIIT විසින් ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේහි උපාධි හැදෑරීමට ශ්‍රී ලංකික සිසුන්ට අවස්ථාව ලබාදෙයි

- Advertisement -

SLIIT මෑත කාලයේ සිය අසමසම සහයෝගය සහ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය (UoQ) සමඟ උපාධි සඳහා හුවමාරු අවස්ථා සැලසීමෙන් ගෝලීයව හඳුනාගත් සිසු උපාධි සුරක්ෂිතතාව සහතික කිරීමට කටයුතු කරයි.

ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කළමනාකරණ සහ ඉංජිනේරු විෂයන් හදාරන සිසුන්ට තම විෂය ක්‍රියාකාරකම් සඳහා මෙම අසමසම සහයෝගීතාවයෙන් විශාල පිටුවහලක් හිමිවන අතර ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේහි තම උපාධි පාඨමාලාව සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකික සිසුන්ට එයින් අවස්ථාව සැලසෙයි.

SLIITහි ඉංජිනේරු (ගෞරව), සිවිල් ඉංජිනේරු උපාධිය (ගෞරව) විදුලි ඉංජිනේරු උපාධිය (ගෞරව) හදාරන සිසුන්ට ශ්‍රී ලංකාවේ පළමු වසර දෙක සම්පූර්ණ කර අවසාන වසර දෙක සඳහා UoQ වෙත හුවමාරු වීමට මෙයින් හැකියාව ලැබේ. එසේම, ව්‍යාපාර විෂය හැදෑරීමට තේරුණු සිසුන්ට ව්‍යාපාර කළමනාකරණ උපාධිය, වාණිජවේදී උපාධිය, ආර්ථික විද්‍යාවේදී උපාධිය වසරක් තුළදී අවසන් කිරීමට හැකියාව ලැබෙන අතර අනතුරුව වසර දෙකක් තුළදී UoQදී ගෞරව උපාධිය සපුරාගත හැකි වේ.

ඉගැන්වීම් සඳහා වන තම විශිෂ්ට ක්‍රියාවලියේ හැකියාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් ඉගැන්වීම් අතින් UoQ අඛණ්ඩව ලෝකයේ ඉහළම සරසවි අතර ශ්‍රේණිගත වී තිබේ. සරසවි ඉගැන්වීම් සඳහා ඕස්ට්‍රේලියාවේ සම්මාන ගණනාවක් දිනා ගනිමින් (AAUT) රටේ වෙනත් කිසිදු සරසවියකට වඩා UoQ කුයින්ස්ලන්තයේ ඉහළම ශාස්ත්‍රීය උගතුන්, අන්තර් රාජ්‍ය සහ විදේශීය සිසුන් ආකර්ෂණය කරගෙන තිබේ.

UoQ ලෝකයේ 46 වැනි ස්ථානයට ශ්‍රේණිගත කර ඇති අතර 2021 වසරේ QS ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අතර 54 වැනි ස්ථානය, 2021 ලෝක විශ්ව විද්‍යාලවල ඉහළ ශ්‍රේණිගත කිරීම්හි 62 වැනි ස්ථානයද ලබා ඇත. මීට අමතරව ඕස්ට්‍රේලියාවේ අංක 03 විශ්ව විද්‍යාලය, 2020 වසරේ පර්යේෂණ ස්වභාව දර්ශකයේ ලෝකයේ 22 වන ස්ථානය සහ 2019 වසරේ හොඳම QS ශිෂ්‍ය නගර ශ්‍රේණිගත කිරීමේ ලයිස්තුවටද UoQ ඇතුළත් වී තිබේ.

විශ්ව විද්‍යාලයේ සුවිශේෂී අධ්‍යයන, පර්යේෂණ සහ වෘත්තීමය කාර්ය මණ්ඩලය සඳහා වන කැපවීම පිළිබිඹු කරමින් ශිෂ්‍ය ඉල්ලුම, කාර්ය මණ්ඩල සුදුසුකම්, ඉගැන්වීම් සම්පත් සහ සමස්ත පළපුරුද්ද සඳහා ආයතනයට තරු හතරක් ශ්‍රේණිගත කිරීම්වලදී ලැබි ඇත. යහපත් විශ්ව විද්‍යාල මාර්ගෝපදේශය 2020, ජාත්‍යන්තර ශිෂ්‍ය තෘප්තිමත් බැරෝමීටරය 2018හි ජාත්‍යන්තර ශිෂ්‍ය තෘප්තිය 91%ක් වාර්තාවීමත් ඕස්ට්‍රේලියාවේ විශිෂ්ටත්වයේ පර්යේෂණය 2018හි ලෝක ප්‍රමිතිය අභිබවා පුළුල් පර්යේෂණ ක්ෂේත්‍රවලින් 100% කට වඩා වාර්තා වීමත් සිදුව ඇත.

ඕස්ට්‍රේලියාවේ පිහිටි දැනුම නිර්මාණය කිරීම, සංරක්ෂණය කිරීම, හුවමාරු කිරීම සහ භාවිතය තුළින් විශිෂ්ටත්වය සඳහා උත්සාහ කරන ප්‍රමුඛතම පර්යේෂණ සහ ඉගැන්වීම් ආයතනයක් ලෙස ඕස්ට්‍රේලියාවේ UoQ හඳුනාගෙන ඇත. සියවසකට වැඩි කාලයක් පුරා වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීම පිණිස දැනුම නායකත්වය ලබා දීම වෙනුවෙන් දීප්තිමත් මනසකින් යුතුව සිසු ප්‍රජාවට අධ්‍යාපනය ලබා දීමට UoQ කටයුතු කරමින් සිටියි.

UoQ ගෝලීය ආර්ථිකයට ඉහළින් දායක වන බලපෑම්කාරී වෘත්තීන්, නායකත්ව හැකියාවන් ඇති උපාධිධාරීන් බිහි කිරීම සඳහා නොසැලෙන කීර්තියක් ගොඩනගාගෙන තිබෙන අතර ඉන් උපාධි ලබන සිසුන් සේවා නියුක්තිය සඳහා සම්පතක් වේ. ඔවුන්ගේ වේගවත් ප්‍රවේශය තුළින්ද වෘත්තිකයන් ලෙස ඉහළ ඉල්ලුමක් හිමි වනු ඇත.

ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය SLIIT සහයෝගිතාව ශ්‍රී ලංකික සිසුන්ට වාසිසහගත ප්‍රතිඵල, රැකියා අවස්ථා, තෝරාගැනීම් සහ සහාය සහතික කරයි. එය ඔවුන්ට තම පුද්ගල අභිලාෂ සාක්ෂාත් කරගැනීමට, තමන් තෝරාගත් ක්ෂේත්‍රවල නායකයින් වීමට සහ තමන් ජීවත් වන සමාජයට ධනාත්මක බලපෑමක් ඇති කිරීමට හැකි වන පරිදි සහාය ලබා දෙයි.

RECENT ARTICLES - SINHALA

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...