30.9 C
Colombo
Thursday, April 25, 2024

ජාතික රූපවාහිනියේ ‘ගුරු තලාව’ අධ්‍යාපනික වැඩසටහනට ප්‍රධාන අනුග්‍රහය SLIITවෙතින්

- Advertisement -

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන උපාධි ප්‍රධානය කිරීමේ උසස් අධ්‍යාපන ආයතනය වන SLIIT, ජාතික රූපවාහිණී නාලිකාව සමඟ සම්බන්ධ වෙමින් එම නාලිකාව හරහා මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට සූදානම්වන දු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නගා සිටුවීම වෙනුවෙන් විකාශනය කරනු ලබන ‘ගුරු තලාව’ අධ්‍යාපනික වැඩසටහන සඳහා ප්‍රධාන අනුග්‍රහක දායකත්වය ලබා දී ඇත.  

මෙරට පාසල් දරු දැරියන්ගේ දැනුම, ආකල්ප සහ කුසලතාවයන් වැඩි දියුණු කිරීම වෙනුවෙන් සෘජු හා වක්‍ර අධ්‍යාපනික වැඩසටහන් රාශියක් ජාතික රූපවාහිණී නාලිකාව විසින් පෙර සිටම විකාශනය කර ඇත. මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට සූදානම්වන සිසු දරුවන් සඳහා ‘ගුරු තලාව’ අධ්‍යාපනික වැඩසටහන ජාතික රූපවාහිණී නාලිකාව විසින් විකාශය කරනු ලබන්නේ පුනරීක්ෂණ පාඩම් මාලාවක් වශයෙනි. පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් වී ඇති මෙවන් අවධියක රටේ ප්‍රවීණතම හා ජනප්‍රියතම ඇදුරු මඩුල්ලක් විසින් මෙහෙයවන මෙම වැඩසටහන මගින් උසස් පෙළ ගණිතය, විද්‍යාව, තාක්ෂණවේදය, වාණිජ්‍ය මෙන්ම කලා විෂයයන් ද ආවරණය කෙරේ.

වර්තමාන පාසල් දරුවන්ට මුහුණ දීමට සිදුව ඇති මෙම අභියෝගාත්මක අවස්ථාවට විෂය දැනුමෙන් පමණක් නොව අධ්‍යන කටයුතු වෙනුවෙන් මානසික වශයෙන් ශක්තිමත්ව සාර්ථකව මුහුණ දීම සඳහා SLIIT කැපවී ක්‍රියාත්මක වන අතර ජාතික රූපවාහිණී නාලිකාව විසින් ඉදිරපත් කරනු ලබන ‘ගුරු තලාව’ අධ්‍යපනික වැඩසටහන ඒ සඳහා විශාල රුකුලක් ලබාදෙයි. 

මෙම වැඩසටහන පසුගිය සැප්තැම්බර් මස 23 වනදා සිට සජීවීව විකාශය ආරම්ඹ කරනු ලැබූ අතර එහි සමාරම්භක අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ අමාත්‍යාංශ ලේකම්වරයා ද,

ජාතික රූපවාහිණී නාලිකාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ, ජාතික රූපවාහිණී අධ්‍යාපන අංශයේ අධ්‍යක්ෂිකා එරීන් විජේකෝන්, ‘සක්යා’ ආයතනයේ සභාපති බණ්ඩාර දිසානායක සහ SLIIT හි කළමණාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී උපකුලපති මහාචාර්ය ලලිත් ගමගේ යන මහත්ම මහත්මීන් ඇතුළු තවත් ආරාධිත පිරිසක් සහභාගී වූහ.

කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ මෙවැනි අධ්‍යාපනික වැඩසටහන් වල අවශ්‍යතාවය වැඩි වැඩියෙන් ඉස්මතුවී ඇති අතර SLIIT ආයතනය, දැයේ දරුවන් පෝෂණය කිරීමේ අරමුණ ඇතිව මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ ‘සිප් සවිය’ අධ්‍යාපනික වැඩසටහන මඟින් භෞතික විද්‍යාව, ICT වැනි විෂය ධාරාවන් වල ඉගැන්වීම් හා සම්මන්ත්‍රණ,වැඩමුළු පැවැත්වීමට පියවර ගනු ලැබීය. නමුත් මෙම මාර්ගගත අධ්‍යාපනික වැඩසටහන් හරහා අන්තර්ජාල හා නව තාක්ෂණික පහසුකම් නොමැති ලංකාවේ සිටින අනෙකුත් දරුවන්ද ආමන්ත්‍රණය වියයුතු බවට වන අදහස ඇතිව ජාතික රූපවාහිණී නාලිකාව මඟින් විකාශය කරනු ලබන ගුරු තලාව අධ්‍යාපනික වැඩසටහන හා සම්බන්ධ වෙමින් ඊට අනුග්‍රහය ලබාදීමට SLIIT පියවර ගෙන ඇත. 

මුළු රටේම දරුවන් දැනුමෙන් පෝෂණය කිරීම SLIIT හි ප්‍රධාන අරමුණ වන අතර 1999 වසරේ ආරම්භ කරනු ලැබූ SLIIT ආයතනය මේ වන විට උපාධිධාරීන් 12,000 ට වැඩි ප්‍රමාණයක් රටට දායාද කිරීමට සමත්ව ඇත. ලංකාවේ සිටින ප්‍රමුඛතම ගුරු මණ්ඩලයක් සමඟින් සිසුන් වෙත අධ්‍යාපනය ලබාදීමට SLIIT කටයුතු කරන අතර සුවහසක් දුවා දරුවන්ගේ නැණස පැදීම වෙනුවෙන් ජාතික රූපවාහිණී නාලිකාව සමඟ අධ්‍යපනික වැඩසටහන් සඳහා සම්බන්ධවීමට හැකිවීම මේ රටේ දරුවන් ලද විශාල භාග්‍යකි.

මෙම ‘ගුරු තලාව’ වැඩසටහන වෙනුවෙන් පැවැති පූර්ව ප්‍රචාරක වැඩසටහනකදී අදහස් දක්වමින් SLIIT ඉංජිනේරු පීඨයේ පීඨාධිපති සමන් තිලකසිරි මෙසේ පැවසිය. ”සිත්ගන්නාසුළු අයුරින් දේශන පැවැත්වීම සඳහා සිසුන් ආකර්ෂණය කර ගැනීම පවතින දුරස්ථ අධ්‍යාපන රටාවන් ඔස්සේ විශාල අභියෝගයක්ව පැවතුනද SLIIT විසින් ඒ සඳහා පසුගිය වසරේ සිට ගුරුවරුන් දැනුම්වත් කිරීම හා පුහුණු ක්‍රම වැඩමුළු සහ සම්මන්ත්‍රණ පැවැත්වූවා. ඒ මඟින් එම අභියෝගය ජය ගැනීමටත් SLIIT විසින්  හඳුන්වාදුන් Eduscope මෘදුකාංගය මඟින් මඟින් අධ්‍යාපන පාඨමාලා හා දේශන පටිගත කිරීමෙන් අනතුරුව ඒවා නැවත සිසුන්ට නැරඹීමට අවස්ථාව සලසා දීමටත් දේශන සඳහා ඒ තුළින් සිසුන්ගේ ගැටළු විසඳා ගැනීමටත් අත්වැලක් ලබාදීමට SLIIT කටයුතු කර තිබෙනවා.”

ජාතික රූපවාහිණී නාලිකාවේ නුග සෙවන වැඩසටහන සඳහා SLIIT හි නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය නිමල් රාජපක්ෂ මහතා සජීවීව සම්බන්ධ වෙමින් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට සූදානම්වන සිසුන් සඳහා ජාතික රූපවාහිණී නාලිකාවේ ‘ගුරු තලාව’ අධ්‍යාපනික වැඩසටහනට SLIIT ලබා දෙන අනුග්‍රහය පිළිබඳව අදහස් පැවසීය. ”මෙරටේ දරුවන්ගේ අධ්‍යාපනයට බාධාවක් පැමිණිලා තිබෙන මොහොතක එම බාධාවන් මඟහරවා ගැනීමට ආයතනයක් ලෙස ඊට විශාල සහයෝගයක් ලබා දීමට අපිට විශාල වගකීමක් තිබෙනවා. මෙම වසංගතයට මුහුණ දුන් අවස්ථාවේ සිට අධ්‍යාපන අමාත්‍යංශය සමඟ එකතු වෙලා ගුරුවරුන්ට අන්තර්ජාලය හරහා ඉගැන්වීමේ ක්‍රම පිළිබඳව අප ආයතනයට ගෙන්වා පුහුණුව ලබා දුන්නා. අපි අධ්‍යාපනය ගැන සිතන්න ඕන විදිය තාක්ෂණය සමඟ වෙනස් වී තිබෙනවා. මීට වසර පනහකට හැටකට පෙර තිබූ අධ්‍යාපන ක්‍රමය කළු ලෑල්ලේ හුණු කූරෙන් ලියපු ‘Talk and Chalk’ නමැති සංකල්පය මත තිබූ දෙයක්. අද ඊට වඩා වෙනස් අයුරින් අධ්‍යාපනය ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් වෙලා තිබෙනවා. එහිදී තාක්ෂණය, අන්තර්ජාලය, රූපවාහිණිය වැනි දේවල් මගින් ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය සඳහා විශාල සහයක් ලැබී තිබෙනවා. මේ වසංගතය හමුවේ අප ආයතනයේ සියලුම ආචාර්යවරු මහාචාර්යවරු සතියක් ඇතුලත සිසුන්ගේ සියලු අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය හරහා ඔවුන්ගේ නිවෙස් වෙත ගෙන් යාමට අප ආයතනයට හැකි වුණා. මේ කාලයේදී අප ආයතනයේ විභාග පවත්වා උපාධිධාරීන් 2000කට වඩා පිටව ගොස් තිබෙනවා. ‘ගුරු තලාව’ වැනි වැඩසටහනකින් ළමයින්ට විභාගයකදී උත්තර දැක්වීමට පහසු වෙනවා. විභාග වලට පෙර පුහුණුවක් ඇතිකිරීම මඟින් දරුවන් ඒ සඳහා පෙර සුදානමක් ඇති කර ගැනීමට මෙම වැඩසටහන දරුවන්ට විශාල පිටුවහලක් වෙනවා. අප ඉදිරියේදී රටක් හැටියට අපේක්ෂා කරන්නේ දැනුම පෙරටු කරගත් ආර්ථිකයක්. ඒ සඳහා අපට බොහොම උසස් මට්ටමේ අධ්‍යාපනයක් තිබීම අවශ්‍යයි. ඒ සඳහා රටේ අධ්‍යාපන ක්‍රමය තවදුරටත් දියුණු මට්ටමකට ගෙන ඒමට සැලසුම් ක්‍රියාත්මක කර යුතුයි. ඒ මට්ටමට පැමිණීමට තාක්ෂණය අත්‍යවශ්‍ය දෙයක්.”    

‘ගුරු තලාව’ සජීවී විකාශයට එක් වෙමින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් SLIITහි කළමණාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී උපකුලපති මහාචාර්ය ලලිත් ගමගේ පැවසුවේ දැනුම වර්ධනය කිරීම තුළින් ජීවිත සාර්ථක කිරීම SLIIT හි දැක්ම වන බවත් සිසුන්ට විෂයානු බද්ධ කාරණා හා පාඨමාලාවන්ට එහා ගිය අත්දැකීමක් සහිත දැනුමක් ලබාදීමට SLIIT නිරන්තරයෙන් පියවර ගන්නා බවයි. එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය. ”උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස මේ වැඩසටහනට සම්බන්ධවීම සඳහා කරන ලද ආරාධනය අපි ඉතා කැමැත්තෙන් පිළිගත්තා. අපි අධ්‍යාපන අමාත්‍යංශය හා පාසල් සමඟ එකතුවෙලා බොහෝ වැඩ කටයුතු කරනවා. අප එම වැඩසටහන් මගින් සිසුන්ට විෂය කාරණා පමණක් නොව පුරවැසියෙක් ලෙස ජීවත්වීම, විශ්ව විද්‍යාලයක ඉගෙනගත යුත්තේ කෙසේද, වෘත්තිකයෙකු ලෙස මුහුණ දිය යුත්තේ කෙසේද යන වැදගත් කාරණා පිළිබඳව අප පාසල් දරුවන්ව දැනුම්වත් කරනවා. අප මීට පෙර සිටම ‘ගුරු ගෙදර’ අධ්‍යාපනික වැඩසටහන සඳහාත් සම්බන්ධවෙමින් කටයුතු කළා. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මෙලෙස දායකත්වයක් ලබාදීමට අවස්ථාවක් ලැබීම විශාල පුණ්‍ය කර්මයක් ලෙස මා සලකනවා.”

RECENT ARTICLES - SINHALA

සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාව ඇප මත මුදාහැර තිබෙනවා. කඳාන...

අමරවීරගෙන් මිලියන 1000ක් ඉල්ලා මෛත්‍රීගෙන් එන්තරවාසියක්

මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් සිදුවූ අපහාසය වෙනුවෙන් වන්දි මුදලක් ඉල්ලා සිටිමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත...

සාමාන්‍ය පෙළ උපකාරක පන්ති හා සම්මන්ත්‍රණ ගැන දැනුම්දීමක්

අධ්‍යායන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...